ඇපල් සමාගමෙන් යූරෝ බිලියන 13ක බදු ඉල්ලයි……….

Spread the love
  •  
  •  
  •  
  •  

ව්‍යාපාරික බදු මුදල් වශයෙන් අයර්ලන්තය විසින් ඇපල් සමාගමෙන් යුරෝ බිලියන 13 ක් දක්වා වූ මුදලක් අය කර ගත යුතු බවට යුරෝපා කොමිසම තීන්දු කොට ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය මූලස්ථාන කර ගත් ඇපල් සමාගම වෙත අයර්ලන්තය විසින් ලබා දී ඇති බදු සහන නීති විරෝධී බව තෙවසරක් මුලුල්ලේ පවත්වන ලද පරීක්ෂණයකින් අනතුරුව යුරෝපා කොමිසම තීන්දු කොට ඇත.අනෙක් බොහෝ ව්‍යාපාරවලට වඩා අඩුවෙන් බදු ගෙවීමට අයර්ලන්තය ඇපල් සමාගමට අවසර දීම හේතුවෙන් ඇපල් සමාගම අයර්ලන්තයේ දී ගෙවා තිබෙන්නේ 1% බදු ප්‍රතිශතයක් බවත් තීන්දුවේ සඳහන් වේ. කෙසේ වෙතත් යුරෝපා කොමිසමේ තීන්දුව සමඟ එකඟ නොවන බව ඇපල් සමාගම මෙන්ම නෙදර්ලන්ත රජයද නිවේදනය කර ඇති අතර එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවද වැඩිදුරටත් පවසා සිටී.
මෙලෙස තෝරාගත් සමාගම්වලට පමණක් බදු සහන ලබාදීමට යුරෝපා සංගමයේ සාමාජික රටවලට හැකියාවක් නොමැති බවත්, යුරෝපා සංගමයේ නීති විධිවිධාන ප්‍රකාර එය නීතිවිරෝධී බවත්, යුරෝපා සංගමයේ කොමසාරිස් මාග්‍රෙත වෙස්තයර් සඳහන් කරයි.
අයර්ලන්තයේ සම්මත ව්‍යාපාරික බදු ප්‍රතිශතය 12.5% කි. එහෙත් යුරෝපා සංගමය තුල එම සමාගම විසින් සිදු කරන ලද ව්‍යාපාරික කටයුතුවල ලාභය වෙනුවෙන් 2003 වසර තුල 1% කද, 2014 වසර තුල 0.005% කද, ප්‍රතිශතයක් පමණක් ගෙවා ඇති බවට යුරෝපා කොමිසමේ පරීක්ෂණයෙන් අනාවරණය වී අත. ඒ අනුව නෙතර්ලන්ත රජය හා ඇපල් සමාගම අතර ඇති කර ගන්නා ලද ගිවිසුම යථාර්ථයට එරෙහිව යන්නක් බවත් කොමසාරිස්වරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.
එහෙත්, කොමිසමේ තීන්දුව රැකියා අනතුරේ හෙලන්නක් බව ඇපල් සමාගම නිවේදනය කර සිටී. යුරෝපා සංගමය තුල සිය සමාගමේ ඉතිහාසය අලුතින් ලිවීමේ උත්සාහයක් දියත්කිරීමක් ලෙස ඇපල් සමාගම විසින් යුරෝපා කොමිසමේ තීන්දුව හඳුන්වා දී ඇත.සිය සමාගම ක්‍රියාත්මක වන ඕනෑම රටක නීතිය පිළිපදින බවත්, අදාළ සියලු බදු මුදල් ගෙවන බවත් තීන්දුව පිළිබඳව ප්‍රතිචාරය පළකරමින් සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
යුරෝපා කොමිසමේ තීන්දුව පිළිබඳව ප්‍රතිචාරය පළකරන අයර්ලන්තයද ඒ හා සමානම මතයක් පළ කර තිබේ.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!