“අමු තිත්ත කුණු හරුපෙන් බැන්නා”-හරින්ගේ FB සටහනෙන් සියල්ල හෙළිවෙයි

“අමු තිත්ත කුණු හරුපෙන් බැන්නා”-හරින්ගේ FB සටහනෙන් සියල්ල හෙළිවෙයි

Spread the love
  • 95
  •  
  •  
  •  
    95
    Shares

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර මීට ටික වේලාවකට පෙර පැවැති සාකච්ඡාව දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.සාකච්ඡාව ආරම්භයේදීම අගමැතිවරයා විසිවෙනි සංශෝධනය ගෙන ඒමේ වැදගත්කම හා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අදහස් පල කර ඇත. එම මතයට විරුද්ධ අදහස් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිලෙන් පළකර ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ ජනාධිපති ධූරය මේ අවස්ථාවේදී අහෝසි නොකළ යුතු බවත් ජනාධිපතිවරයා අහෝසි කරන්නේ නම් මෙවර ජනාධිපති ධූරය ජය ගැනීමෙන් පසු එය කළ යුතු බවත්ය. ඇමතිවරු වන රාජිත සේනාරත්න සහ රවී කරුණානායක මහත්වරුන් ජනාධිපතිධූරය මේ අවස්ථාවේදීම අහෝසි කළ යුතු බව පවසද්දී සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය මැතිඇමැතිවරුන් ඊට දැඩි විරෝධය පළ කරමින් ඔවුන්ට බැණ වැදී තිබේ.ඇතැම් එහි සිටි ඇතැම් ඇමැතිවරුන් සඳහන් කරන්නේ අමු තිත්ත කුණුහරුපයෙන් එහිදී බැන වැදුණු බවයි.

සජිත් පිලේ ප්‍රබලයකු වන ඇමති හරින් ප්‍රනාන්දු මහතාද මෙම පෙර කැබිනට් හමුවෙන් පසුව තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙම උණුසුම් තත්වය ගැන සඳහනක් පළකර ඇත.

(Visited 2,117 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!