අම්මයි දුවයි දෙදෙනාම නිවස තුල කපා මරා දමලා

අම්මයි දුවයි දෙදෙනාම නිවස තුල කපා මරා දමලා

Spread the love
  •  
  •  
  •  
  •  

රත්නපුර වේවැල්වත්ත මුරගවිලාගම ප්‍රදේශයේ පදිංචිව සිටි මවක සහ ඇගේ 13 හැවිරිදි දියණිය නිවස තුළදීම කපා කොටා සාහසික අන්දමින් ඝාතනය කර තිබියදී වේවැල්වත්ත පොලිසිය මගින් පෙරේදා (12 වැනිදා) සොයාගෙන ඇත.
ඝාතනයට ලක්‌වූ කාන්තාවගේ අනියම් සැමියා විසින් මෙම ද්විත්ව ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැකපහළ කරයි. සැකකරු ප්‍රදේශය අතහැර පලා ගොස්‌ ඇති අතර එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ පරීක්‌ෂණ ආරම්භ කර තිබේ.
පවුල් ආරවුලක්‌ මෙම ද්විත්ව ඝාතනයට හේතුවී ඇති බවට පොලිසිය සැකපහළ කරයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ 37 හැවිරිදි සුරේන්ද්‍රන් සංජීවනී සහ ඇගේ දියණිය වන 13 හැවිරිදි තලපච්චන් ශෂිකලා බවට හඳුනාගෙන ඇත.
පොලිසිය පවසන අන්දමට ඝාතනයට ලක්‌වූ කාන්තාවගේ සැමියා ඉකුත් 2003 වර්ෂයේදී කිසියම් පිරිසක්‌ විසින් මරාදමා තිබිණි. සැමියා මරා දැමීමෙන් පසු මෙම කාන්තාව අනියම් සැමියකු සමග රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයේ නිවසක පදිංචියට ගොස්‌ තිබේ. කාන්තාවගේ දරුවන් දෙදෙනා ඇගේ මව පදිංචි නිවසේ නතර කර එහි සිට ඔවුන් පාසල් යෑවීමට කටයුතු කර ඇත.
කාන්තාවගේ අනියම් සැමියා ගොවිතැන් කරමින් ජීවත්වූ අයෙකි. මෙම කාන්තාවගේ නීත්‍යානුකූල සැමියාගේ ඝාතනය වෙනුවෙන් ඇයට රුපියල් ලක්‌ෂ තුනක වන්දි මුදලක්‌ මීට ටික කලකට පෙර අධිකරණය මාර්ගයෙන් ලැබී තිබිණි.
මෙම මුදලින් රුපියල් ලක්ෂය බැගින් ඇය සිය දරුවන් දෙදෙනාගේ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති අතර ඉතිරි රුපියල් ලක්‌ෂයක මුදල ඇගේ වියදම් සඳහා යොදාගෙන තිබේ.
එම වන්දි මුදලින් රූපවාහිනි යන්ත්‍රයක්‌ද මිලදී ගැනීමට ඇය කටයුතු කර ඇති අතර ඇයගේ දරුවන් රූපවාහිනිය නැරඹීම සඳහා මෙම නිවසට නිතර යැමට ඒමට පුරුදුව සිට ඇත. ඉකුත් 11 වැනිදා ද ඝාතනයට ලක්‌වූ දියණිය රූපවාහිනිය නැරඹීම සඳහා සිය මවගේ නිවසට පැමිණ ඇත.
පසුදින ඇය පාසල් නොගිය නිසා ඒ පිළිබඳව සොයා බැලීමට ඇගේ මිත්තනිය එම නිවසට පැමිණ තිබේ. ඒ අවස්‌ථාවේ නිවසේ කාමරයක තම දියණිය සහ මිණිබිරිය මරා දමා සිටිනු ඇය දැක ඇත. පසුව මේ පිළිබඳව ඇය වේවැල්වත්ත පොලිසියට දැනුම්දී තිබේ.
රත්නපුර දිස්‌ත්‍රික්‌ භාර නියෝජ්‍ය පොලිස්‌පති රොහාන් ඩයස්‌ මහතාගේ උපදෙස්‌ මත වේවැල්වත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!