අභිරහස් ලෙස CCTV දර්ශන මකා දැමු දොස්තර සාෆිගේ DVR යන්ත්‍රය රස පරීක්ෂකට

අභිරහස් ලෙස CCTV දර්ශන මකා දැමු දොස්තර සාෆිගේ DVR යන්ත්‍රය රස පරීක්ෂකට

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

දරු ප‍්‍රසුති සඳහා රෝහල්ගත කළ මවුවරුන් පිරිසකට බලහත්කාරයෙන් හා නීති විරෝධී අන්දමින් වඳ සැත්කම් කළේ යැයි චෝදනා එල්ල වී ඇති වෛද්‍ය සෙයිගු ෂහබ්දීන් මොහොම්මදු ෂාෆි නමැත්තාගේ නිවසේ සී. සී. ටී. වී. යන්ත‍්‍රවල දත්ත මකා දමා ඇති බව අනාවරණය වීම නිසා ඞී.එන්.ආර්. යන්ත‍්‍රය (දත්ත ර`දවනය) රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කොට වාර්තාවක් කැඳවන ලෙස කුරුණෑගල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඊයේ (07 දා* නියෝග කළේය.
පෙර නඩු දිනයේදී මහෙස්ත‍්‍රාත්වරයා විසින් කරන ලද නියෝගයක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර ෂාෆි වෛද්‍යවරයාගේ නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී යන්ත‍්‍රවල පටිගත කිරීම් ගබඩා කරන ඞී.එන්.ආර්. යන්ත‍්‍රය අධිකරණයට ඉදිරිපත් කළේය.
එකී ඞී. එන්. ආර්. යන්ත‍්‍රයේ ගබඩා කර තිබූ බොහෝ දත්ත මැකී ගොස් ඇති බව පෙන්වා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එකී ඞී.එන්.ආර්. යන්ත‍්‍රය රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කොට මකා දමා හෝ මැකී ගොස් ඇති දත්ත නැවත ලබාගෙන අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරනා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
සැකකාර වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වකවානුවේ එම රෝහලේදී 33 හැවිරිදි මවක් ප‍්‍රසුත කළ දරුවකු දරු ප‍්‍රසුතියෙන් තෙදිනකට පසුව මියගොස් ඇති බවත් මියගිය දරුවාගේ පාදයේ දරුණු කැපුම් තුවාලයක් තිබී ඇති බවත් යුක්තිය උදෙසා මවුවරුන්ගේ සංවිධානයේ කැඳවුම්කාරිය ලෙස කටයුතු කරන නීතිඥ නිලූෂි උයන්වත්ත මෙනවිය එහිදී අධිකරණයට පෙන්වා දුන්නාය.
එකී මරණය සම්බන්ධයෙන් සැකකාර ෂාෆි වෛද්‍යවරයා පිළිබඳ සැකයක් පවතින බැවින් එකී බිලිඳාගේ මෘත ශරීරය නැවත ගොඩගෙන විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට නියෝගයක් කරනා ලෙසට ද නීතිඥ නිලූෂි උයන්වත්ත මෙනවිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
ඒ සම්බන්ධයෙන් එකී බිලිඳාගේ දෙමාපියන් පැමිණිල්ලක් කර ඇතත් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදුවී නැතැයි ද එකී ඉල්ලීම කරමින් නිලූෂි උයන්වත්ත මෙනවිය අධිකරණයට කීවාය.
කෙසේ වෙතත් එකී සිද්ධිය මෙම නඩුකරයට අදාළ නොවන කරුණක් බැවින් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමේ හැකියාවක් තම අධිකරණයට නොමැති බව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එහිදී දැන්වීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් අනුව එම නඩුව ඊයේ (07 දා* කැඳවා තිබිණි.
යුක්තිය උදෙසා මවුවරුන්ගේ සංවිධානයේ ලේකම් නීතිඥ සමන් බණ්ඩාර දිසානායක මහතා ද එහිදී අධිකරණය හමුවේ පෙනී සිටියේය.

(Visited 80 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!