“අපේ හොරකම් හොයන්න කලින් රාජපක්‍ෂලාගේ කාලයේ හොරකම් සොයා හිරේ දමන්න..”

“අපේ හොරකම් හොයන්න කලින් රාජපක්‍ෂලාගේ කාලයේ හොරකම් සොයා හිරේ දමන්න..”

Spread the love
  •  
  •  
  •  
  •  

කොල්ල කෑ මහා ධන සම්භාරය වත්මන් රජය පෙරළීමට භාවිත කිරීමට පෙර අතීත දූෂිතයන්ට එරෙහිව දඬුවම් දීමට රජය වහා කටයුතු කළ යුතු බව මහා නගර සහ බස්‌නාහිර සංවර්ධන ඇමැති ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලි චම්පික රණවක මහතා ඊයේ (14 වැනිදා) අවධාරණය කළේය.දැනටමත් ඒ සඳහා ප්‍රමාද වැඩි වුවත් විශේෂ යාන්ත්‍රණයක්‌ සකසා එය කළ යුතුව ඇති බව පැවැසූ හෙතෙම ඒ කටයුතු සඳහා හොඳ පසුබිමක්‌ රට තුළ ගොඩනැඟී ඇති බවත් කියා සිටියේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා නිරන්තරයෙන් සඳහන් කළේ තමාගෙන් සහ සිය පවුලෙන් වත්මන් රජය පළිගන්නා බව යෑයිද රවි කරුණානායක මහතාට දඬුවම් දීමෙන් ඒ තර්කය බිඳ වැටී ඇති බවද ඇමැතිවරයා පැවැසීය.හෙතෙම ඊයේ (14 වැනිදා) එම අදහස්‌ පළ කළේ පන්නිපිටිය පාර, බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!