“අපේ හාමුදුරුවෝ නම් ගන්න එපා හරිද…?”-දල පුට්ටුවාගේ අපරාධය යට ගහන්න දේශපාලන ලොක්කා පොර අල්ලයි

“අපේ හාමුදුරුවෝ නම් ගන්න එපා හරිද…?”-දල පුට්ටුවාගේ අපරාධය යට ගහන්න දේශපාලන ලොක්කා පොර අල්ලයි

Spread the love
  •  
  •  
  •  
  •  

රටටම අභිමානයක් වූ ලෝක උරුමයක්ද ලෙස නම්කර සිටි ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියා ඝාතන‍යට ලක් වීම අතිශය කතාබහට ලක් වුණා. මෙලෙස සාහසිකයන් පිරිසක් විසින් දළ පූට්ටුවා හස්තියා ඝාතනය කිරීම බොහො දෙනා සංවේදී කර වූ සිදුවීමක් වූ අතර , දළ පූට්ටුවා ඝාතනයට සාධාරණය ඉල්ලා ජන සමාජය හඩ නගන්නටද වුණා.මේ අතර සාහසික ලෙස ඝාතනයට ලක්වූ ගල්ගමුවේ දළ පූට්ටුවා මරා දැමූ අපරාධකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙන්නැයි ඉල්ලමින් ගල්ගමුව, සියඹලන්ගමුව වැව් ඉස්මත්තේදී පෙරේදා (09දා) උදෑසන දේව කන්නලව්වක් පැවැත් විය.මෙම අපරාධය සම්බන්ධයෙන් තවත් අය සිටියේ නම් ඔවුන්ද නීතියේ රැහැනට හසු කිරීමටත්, අත්අඩංගුවට පත් පුද්ගලයන්ට සොබාදහමින් පවා දඬුවම් ලැබේවායි දෙවියන්ගෙන් ඉල්ලමින් මේ කන්නලව්ව පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.මියගිය ඇතා වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමේ පුණ්‍ය කටයුත්තකට සමගාමීව මේ දේව කන්නලව්ව පැවැති අතර යාය 4, සියඹලන්ගමුව ප්‍රදේශවාසීන් විසින් මෙය සංවිධානය කර තිබිණි.කෙසේ වෙතත් ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ තොරතුරු අනුව ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනයට සම්බන්ධ යැයි සැක කරන නාගල රජ මහා විහාරයේ විහාරාධිපති තමාව අත්අඩංගුවට ගැනීමට ඇති ඉඩකඩ වළකාලමින් මහව මහෙස්ත්‍රාත් අධිකරණයේ අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රත් ඉදිරිපත් කර තිබේ.දළ පූට්ටුවා ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට පත්වූ දා සිටම නාගල රජ මහා විහාරයේ විහාරාධිපති සැගව සිටින බව සදහන්. ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඇත්දළ යුගල සම්බන්ධයෙන් වූ ගනුදෙනුවද සිදු වූයේ මෙම විහාර භූමියේදීය.ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් එම විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින අවස්ථාවක එම හිමියෝ මෙලෙස අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර ඇත.සතියකට අධික කාලයක් නාගල රජ මහා විහාරයේ විහාරාධිපති හිමියෝ අතුරුදන්ව සිට ඇති අතර එම නිසා එම හිමියන්ගෙන් ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශ සටහන් කර ගැනීමටද නොහැකි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.දළ පූට්ටුවාගේ ඝාතනය සහ ඇත්දළ ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වනවිට එම විහාරාධිපතිගේ නිත්‍ය රියැදුරු සහ සමීපතයකු වූ හේරත්ගම ග්‍රාම සේවකවරයා රක්ෂිත බන්ධනාගාර ගත වී සිටිති. කෙසේ වෙතත් එම හිමියන්ට දිවයිනේ ඉහලම දේශපාලකයන් සමග සම්බන්ධතා පවතින බවත් කියවෙනවා.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!