“අපේ වතු ජනතාව ඡන්ද දෙන්නේ සිරිකොතෙන් කියන කෙනාටයි”-වඩුවේල් සුරේෂ්

“අපේ වතු ජනතාව ඡන්ද දෙන්නේ සිරිකොතෙන් කියන කෙනාටයි”-වඩුවේල් සුරේෂ්

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

වතුකරයේ ජනතාවට ලයින් පේළි වෙනුවට වෙනම ගෙවල්, ඉඩම්, සේවක අර්ථසාධක අරමුදල් සහ පාසල් ගුරු පත්වීම්, පළාත් පාලන නියෝජිත ධුර පළාත් සභාවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂය බැවින් ලක්ෂ 15ක් වන වතුකරයේ ජනතාව එජාපය කෙරෙහි බලවත් විශ්වාසයක් තබා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් ප්‍රකාශ කරයි.මෙම පසුබිම තුළ මෙරට ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩු පත්කිරීමේදී තීරණාත්මක සාධකය වූ වතුකරයේ ජනතාව සෑම විටම කටයුතු කරන්නේ සිරිකොත එජාප මූලස්ථානයෙන් ලැබෙන උපදෙස් මත බව සඳහන් කරන මන්ත්‍රිවරයා පොදු අපේක්ෂකයන් ලෙස සරත් ෆොන්සේකා මහතාත් මෛත්‍රිපාල සිරිසේන මහතාත් ඉදිරිපත් වූ අවස්ථා දෙකේදීම ඔවුහු සිය යුතුකම මනාව ඉටුකළ බව පෙන්වා දෙයි.පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ (12දා) දහවල් පැවැති සත්‍යයේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මෙම අදහස් පළ කළ මන්ත්‍රිවරයා වතුකරයේ ජනතාවගේ විසඳිය යුතු නිවාස, යටිතල පහසුකම් ඇතුළු ප්‍රශ්න ගණනාවක් ඇතත් යහපාලන රජයේ ගමන් මඟ වේගවත් නොවීම නිසා ඒවාට විසඳුම් ලැබීම ප්‍රමාද වෙමින් තිබෙන බවත් සඳහන් කළේය.කෙසේ වුවද මෙතෙක් නොවිසඳුණු වතුකරයේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයට බැවින් එම විශ්වාසය මත තමන් ඇතුළු වතුකරයේ ජනතා නියෝජිතයන් එක්සත් ජාතික පක්ෂය සමඟ අත්වැල් බැඳගෙන සිටින බවද ඔහු සඳහන් කළේය.

(Visited 35 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!