“අපේ මුළු පවුලම අත්අඩංගුවට ගැනීමේ සුදානමක්….මුහුණ දෙන්න අපි සුදානම්” – මහින්ද මැතිඳුන්

Spread the love
  •  
  •  
  •  
  •  

ඉදිරියේදී තමා ඇතුළු තම පවුලේ සියළු දෙනාම අත්අඩංගුවට ගැනීමට යහපාලන ආණ්ඩුව කටයුතු කරනු ඇති බව හිටපු ජනාධිපති ,පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පවසයි. ඊයේ (01) මහනුවර දළදා මාළිගය වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
ඉදිරියේදී FCID යට ප්‍රශ්න කිරීම් සදහා ගෙන්වා නාමල් රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ ,ගෝඨාභය රාජපක්ෂ මෙන්ම තමාද කැදවා අත්අඩංගුවට ගනිවී යැයි අපේක්ෂාවෙන් සිටින බවද ඔහු පැවසුවා.රටේ සිදු කිරීමට වැඩ රාශියක් තිබියදීත් එක් පවුලකින් පලි ගැනීම තමන් අනුමත නොකරන බවද ඔහු පෙන්වා දුන්හ.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!