“අපේ මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න…” – අනුර කුමාර දිසානායක

Spread the love
  •  
  •  
  •  
  •  

ජනතාව දැන හෝ නොදැන පාර්ලිමේන්තුව තෝරා යවන හොරු ඇල්ලීමට නම් ජනතා විමුක්‌ති පෙරමුණ මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුව පිරවීමට කාලය උදාවී ඇතැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ කිරිබත්ගොඩ නගරයේ සිකුරාදා (17 දා) සවස පැවැති ජ.වි.පෙ. ගම්පහ දිස්‌ත්‍රික්‌ පළමු ප්‍රධාන රැලියට එක්‌වෙමිනි.
ජනතාව දැන හෝ නොදැන පාර්ලිමේන්තුවට හොරු සියයක්‌ දෙසීයක්‌ යවා ජනතා විමුක්‌ති පෙරමුණේ දහයක්‌ පහළොවක්‌ යවා හොරු ඇල්ලීමට කියන බවත් දැන් කළ යුත්තේ ඒ හොරු වෙනුවට ජනතාවට වගකියන, ක්‍රියාවෙන්ම ජනතා සේවය ඉටුකර ඇති හෘද සාක්‍ෂියට එකඟව ජවිපෙ උගත්, බුද්ධිමත් පිරිස පාර්ලිමේන්තුවට යෑවීම බවත් ඒ මහතා පැවසීය.
ජනතා විමුක්‌ති පෙරමුණ ජනතා විශ්වාසය ආරක්‍ෂා කරමින් කරන දේ කියපු කියපු දේ කරපු ජනතා ගෞරවයට පාත්‍ර වූ ව්‍යාපාරයක්‌ යෑයි ද ඒ මහතා කියා සිටියේය.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!