”අපේ පක්ෂ නායකයා රනිල්ම තමයි..”වජිර අබේගුණවර්ධන

”අපේ පක්ෂ නායකයා රනිල්ම තමයි..”වජිර අබේගුණවර්ධන

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

එක්සත් ජාතික පක්‍ෂ නායකයා ලෙස තවදුරටත් රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
පක්‍ෂ ව්‍යවස්ථාව අනුව නායකත්වය වෙනස් කිරීමට නම් මහා සම්මේලනයක් පවත්වා එය තීරණය කළ යුතු බවත් එවැනි මහා සම්මේලනයක් 16 දා නොපවත්වන නිසා පක්‍ෂ නායකත්වය වෙනස්වීමක් සිදු නොවන බවත් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා පැවසීය.
මැතිවරණයක් ජයග‍්‍රහණය කිරීමට පක්‍ෂයක නායකත්වය අවශ්‍ය බවට කවුරුන් හෝ කණ්ඩායමක් හිතනවා නම් එය නිවැරැුදි මතයක් නොවන බවත්, මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස තේරී පත්වුණේත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ලෙස පත්වී සිටින්නේත් පක්‍ෂ නායකත්වයක් නැතිව බවත් ඒ මහතා කියා සිටියේය.
එම නිසා මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්‍ෂ සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් එකතු වී ඊළඟ මහ මැතිවරණයේදී වත්මන් පක්‍ෂ නායකත්වය යටතේ පක්‍ෂය ජයග‍්‍රහණය කරවීමට කැපවිය යුතු යැයි ද ඒ මහතා වැඩිදුරටත් කීය

(Visited 42 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!