“අපේ නිජබිමට එන්න තියන්න එපා”-අපේ හාමුදුරුවන්ට සම්බන්ධන් ආයෙත් පුප්පයි

“අපේ නිජබිමට එන්න තියන්න එපා”-අපේ හාමුදුරුවන්ට සම්බන්ධන් ආයෙත් පුප්පයි

Spread the love
  • 21
  •  
  •  
  •  
    21
    Shares

උසාවි නියෝග නොතකමින් හින්දු කෝවිල් ආක්‍රමණය කර අනවශ්‍ය ලෙස හැසිරෙන බෞද්ධ භික්‍ෂුන්ට එරෙහිව විධිමත් පියවරක් ගන්නැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය. ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රිවරයා එසේ සඳහන් කළේය.  “මුලතිව් ප්‍රදේශයේ වැඩිපුර ඉන්නේ බෞද්ධ නොවන ජනතාව, ගුරුකන්ද රජමහ විහාරයේ ඉදිකිරීම් නතර කරන්න කියලා තහනම් නියෝගයකුත් පනවා තිබෙනවා. ඒ විහාරයේ විහාරාධිපති මේ බෞද්ධ විහාරය සහ හින්දු කෝවිල තිබෙන භූමියට උන්වහන්සේගේ දේහය රැගෙන ආවා.  මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළා උන්වහන්සේගේ දේහය ඒ භූමියේ තැන්පත් කිරීම තහනම් කරලා. නමුත් ඒ අවසරය නොතකා ආදාහන කටයුත්ත සිද්ධ කළා. ඥානසාර හිමියන්ගේ නායකත්වය යටතේ පිරිසක් මහෙස්ත්‍රාත් නියෝගය කඩලා. ඒ තහනම් ස්ථානයට ගිහින් දේහය ආදාහනය කළා.  ඒ නිසා ඇතිවූ සිද්ධියෙන් හින්දු කෝවිලේ පූජකවරයාටත් තුවාල සිද්ධ වුණා. ඇතැම් භික්‍ෂුන් වහන්සේලා උසාවි නියෝග නොතකා හින්දු කෝවිල් ආක්‍රමණය කරලා අනවශ්‍ය අයුරින් හැසිරී තිබෙනවා. බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට මේවා පටහැනියි.    මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න රජය අපොහොසත් වුණා. ඒ වගේම පොලිසියත් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. මේ සම්බන්ධයෙන් විධිමත් පියවරක් ගන්න කියලා මා රජයෙන් ඉල්ලීමක් කරනවා.”

(Visited 38 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!