අපේ ඉල්ලීම අනුව මහින්ද මහතා අය වැයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට පැමිණීයේ නෑ – ප්‍රසන්න

Spread the love
  •  
  •  
  •  
  •  

අය වැයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා නොපැමිණීයේ තම කණ්ඩායමේ ඉල්ලීම අනුව බව ප්‍රසන්න රණතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එම නිවේදනය පහත දැක්වෙයි.

යහ පාලන ආණ්ඩුවේ අය වැය ඊයේ සම්මත විය. එම අය වැයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවට නොපැමිණීම පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂයත් යහ පාලන ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම ඇතැම් මැති ඇමතිවරුන් රට තුල වැරදි මතයක් ප්‍රචාරය කරමින් සිටිති. එය සම්පූර්ණයෙන්ම පඳනම් විරහිතය. එය දේශපාලන උවමනාව වෙනුවෙන් කෙරෙන ප්‍රචාරයකි. ඒකාබද්ද විපක්‍ෂයේ කැඳවුම්කරු ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහජන නියෝජිතයෙකු ලෙසත් එය දැඩි ලෙස හෙලා දකිමි.
යහපාලන ආණ්ඩුවේ අය වැයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නොපැමිණියේ ඒකාබද්ධ විපක්‍ෂයේ ඉල්ලීම මතය. එතුමාගේ ආශීර්වාදයද ඇතිව ඒකාබද්ධ විපක්‍ෂය දැනටමත් ක්‍රියාත්මක කරන ආණ්ඩු විරෝධි අරගලයට සුදුසුම අවස්ථාවේදී රාජපක්‍ෂ මහතාගේ  නායකත්වය ලැබෙන බව අවධාරණය කරමි.
යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කල අය වැය පරිපූර්ණ අය වැයක් නොවේ. ඊයේ (19) අය වැය සම්මත වන අවස්ථාවේදී ඇතැම් සංශෝදන ගෙන එන බවට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මීට පෙර පොරොන්දුවී තිබුනද එලෙස සිය`ඵ සංශෝදන ඉදිරිපත් නොකෙරිණි. ඇතැම් සංශෝදන ඉදිරිපත් කරන්නේ ජනවාරි මාසයේදී බව පැවසින. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වසර 10 කට ආසන්න කාලයක් රටේ ජනාධිපතිවරයා ලෙසත්, මුදල් ඇමතිවරයා ලෙසත්, කටයුතු කල අයෙකි. ඒ නිසා එතුමා වැන්නෙකු මෙවැනි අසම්පූර්ණ අය වැයකට එරෙහිව හෝ ඡන්දය පාවිච්චි කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි යන්න ඒකාබද්ද විපක්‍ෂයේ ස්ථාවරයයි. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වෙත ඒකාබද්ධ විපක්‍ෂය එම ඉල්ලීම ඉදිරිපත් කලේය. කෙසේ වෙතත් ඊයේ (19) පාර්ලිමේන්තුවේදීත් ඊට පෙර රාජපක්‍ෂ මහතා සහභාගීවූ රැස්වීම් වලදීත් අය වැය සම්බන්ධයෙන් එතුමාගේ දැඩි විරෝධය පලවිය. ඒ නිසා එක්සත් ජාතික පක්‍ෂය සහ ඔවුන් සමඟ නිදි වදින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතමුන් නඟන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිතය.
යහ පාලන ආණ්ඩුවට කඬේ යමින් එක්සත් ජාතික පක්‍ෂය සමග නිදි වදිමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව යහ පාලන ආණ්ඩුවට එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරු දැන්වත් වටහා ගත යුතුය. මෙවැනි ජනතා විරෝධී අය වැයකට සහාය දීමෙන් හෑල්ලුවට ලක් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. ඒ නිසා ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් අවශ්‍ය නම් යහ පාලනය නමින් ඇති එක්සත් ජාතික පක්‍ෂ  ආණ්ඩුවෙන් ඉවත්ව ජනතාව සමඟ ආණ්ඩු විරෝධි අරඟලයට එකතු විය යුතුය. එය අපේ පාක්‍ෂිකයන් වෙනුවෙන් ඉටුකල යුතු යුතුකමකි.
යහපාලන ආණ්ඩුවට එක්ව සිටින ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන්ද අද එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන්ටත් වඩා රනිල්වාදී වී සිටිති. ඔවුන් මහින්ද රාජපක්‍ෂ මහතා සහ පසුගිය සංධාන ආණ්ඩුව විවේචනය කරන්නේ මැරී ඉපදුන අය ලෙසය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාෂකයා ලෙස කටයුතු කරන, ඩිලාන් පෙරේරා මහතා පසුගිය ආණ්ඩුව විවේචනය කරන්නේ තමන් එම ආණ්ඩුවේ කටයුතු කල බවද අමතක කරමිනි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු මැතිවරණයට ඉදිරිපත් වූයේ නැත. ජනතාව ඉදිරියට නොගිය ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ ජාතික ලැයිස්තුවෙනි.  මහින්ද රාජපක්‍ෂ මහතා හෝ මහින්දගේ ආණ්ඩුව විවේචනය කොට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව මේ අය වටහා ගත යුතුය. ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගේ ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන් සිටියදී පාක්‍ෂිකයන් වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාෂක නිකුත් කිරීමට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු පත් කිරීම කෙතරම් සදාචාර සම්පන්නදැයි ප්‍රශ්ණයක් මතුවේ. කෙසේ වෙතත් අපේ වගකීම විය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පිහිවුවීම සඳහා කටයුතු කිරීමයි. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව සමඟ කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් සිය හෘද ශාක්ක්‍ෂියට එකඟව මේ පිළිබඳව විමසා බැලිය යුතුයි. හෘද ශාක්ක්‍ෂියක් නැති පුද්ගලයන් පිළිබඳව අපට ඇත්තේ කණගාටුවකි. සිට හෘද ශාක්‍ෂිය පාවා දෙන පුද්ගලයන් පිළිබඳව ජනතාව නිසි ප්‍රතිචාර දක්වනු ඇත.
කෙසේ වෙතත් මේ ජනතා විරෝධී ආණ්ඩුව ගෙදර යැවීම සඳහා කල හැකි කල යුතු සිය`ඵ දේ සිදුු කිරීමට දිවි හිමියෙන් කැප වන බවට ඒකාබද්ධ විපක්‍ෂය ලෙස අපි ජනතාවට ප්‍රතිඥා දෙමු. සුදුසුම මොහොතේදී ආණ්ඩුව පෙරලා දැමීමට අප සූදානම්. ඒ වෙනුවෙන් අප ගෙන යන සටනට එක්වන්නැයි රටට ආදරය කරන සිය`ඵ ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

ප්‍රසන්න රණතුංග (පා.ම.)
කැඳවුම්කරු – ඒකාබද්ධ විපක්‍ෂය

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!