“අපේ ආණ්ඩුව කරන වැඩ ජනතාව දන්නේ නෑ”-අකිල

“අපේ ආණ්ඩුව කරන වැඩ ජනතාව දන්නේ නෑ”-අකිල

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

කවර බාධක මධ්‍යයේ වුවද රට සංවර්ධනය කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවැසුවේය.එක්සත් ජාතික පාක්ෂිකයන් මුහුණ දෙන ගැටලු හඳුනාගනිමින් ඒවාට කඩිනම් විසඳුම් ලබාදෙමින් ක්‍රියාත්මක සිරිකොත ගමට ගෙනයන වැඩසටහනේ විශේෂ මහජන නියෝජිත හමුවක් අමතමින් පසුගියදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,රට සංවර්ධනය කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස්ශ්‍රී ලංකා වැඩසටහන්වල ප්‍රතිඵල ලබාගැනීමට එක්සත් ජාතික පාක්ෂිකයන් ප්‍රමුඛ ජනතාවට නොබෝ දිනකින් අවකාශය උදා වෙනවා.ඒ වගේම තමයි රට තුළ යහපාලනය ස්ථාපිත කරලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. එජාපය, පාක්ෂිකයා සහ ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කරලා තිබුණත්, ඒවා මාධ්‍ය හරහා ජනගත කිරීමේ ගැටලු සහගත තත්ත්වයන් හේතුවෙලා තියෙනවා. ඒ නිසා තවමත් මේ සම්බන්ධයෙන් ජනතාවට නිසි අවබෝධයක් ලැබිලා නැහැ.ඒ වගේම තමයි පසුගිය කාලේ අක්‍රමවත්ව සහ දේශපාලන හිතවත්කම් මත සහනාධාර ලබාදුන් බවට චෝදනා එල්ල වුණු සමෘද්ධි වැඩසටහන නැවතත් යථා තත්ත්වයට පත්කරලා ආර්ථික අපහසුතාවලින් ඉන්න ජනතාවට තවදුරටත් සහන ලබාදීම සඳහා පුළුල් අයුරින් ක්‍රියාත්මක කිරීමට මේ වන විට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!