“අපෙ දිනුම අත ලගයි. අලුත් ව්‍යවස්ථාව සම්මත කරන්න සියල්ල සුදානම්. උතුරු නැගෙනහිරත් එකතු කරගන්නවාමයි.” සම්බන්ධන් කියයි.

“අපෙ දිනුම අත ලගයි. අලුත් ව්‍යවස්ථාව සම්මත කරන්න සියල්ල සුදානම්. උතුරු නැගෙනහිරත් එකතු කරගන්නවාමයි.” සම්බන්ධන් කියයි.

Spread the love
  •  
  •  
  •  
  •  

පළාත් සභා වලට ඉඩම් බලතල පොලිස් බලතල දෙන නව ව්‍යවස්ථාව ලබන වසරේ එනම් 2017 මුල් භාගයේ සම්මත කරගන්නට සියලු කටයුතු සුදානම් බවත්, ඒ සමග උතුරු නැගෙනහිර දෙපළාත ඒකාබද්ධ කරගැනීමට අවශ්‍ය කටයුතු සුදානම් කරන බවත් ඒ සදහා මුස්ලිම් පාර්ශවයත් සමග සාකච්චා කර එකගතාවයකට එන්නට බලාපොරොත්තු වන බවත් විපක්ෂ නායක ආර් සම්බන්ධන් පවසා ඇත.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනවාරි අට මෙරට සිදු වූ වෙනස තම ජනතාව සැබවින්ම බලාපොරොත්තු වුන වෙනස්ම බවත්, දකුණේ මහා ජනතාව නියෝජනය කරන දේශපාලකයින් පවා තමන්ට වාසි සහගත ලෙස වෙනස් වී ඇති බවත්, මේ ඔවුන්ට විශ්මයජනක වෙනසක් බවත් උතුරේ ජනතාවට අවශ්‍ය දේශපාලන විසඳුම කඩිනමින් ලැබෙන බවට තමන්ට විශ්වාස බවත්ය.
ඔහු මෙම අදහස් දක්වා සිටියේ පසුගිය 28 වන දින ඔහුගේ නිවසේ පවතී දෙමල ජාතික සන්ධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් රැස්වීමකදීය.
පළාත් සභා වලට ඉඩම් හා පොලිස් බලතල ලබා ගැනීමත්, උතුරු නැගෙනහිර පළාත් එක කොට ඉන් පසු එහි බලය තහවුරු කොට ගෙන එය ඔවුන්ගේ ඊලාම් රාජ්‍යය බවට පත් කර ගැනීම කොටි බෙදුම්වාදීන්ගේ ප්‍රමුක අරමුණ වුයේය.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!