“”අපි හම්බ කරගෙන කන්නේ මේ රස්සාවෙන්, මුන් අපේ සින්නක්කර ඉඩම් ඉන්දියාවට දුන්නම අපි ජීවත් වෙන්නේ කොහොමද?”(VIDEO)

“”අපි හම්බ කරගෙන කන්නේ මේ රස්සාවෙන්, මුන් අපේ සින්නක්කර ඉඩම් ඉන්දියාවට දුන්නම අපි ජීවත් වෙන්නේ කොහොමද?”(VIDEO)

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සහ හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් අක්කර විසිදහසකටත් අධික ප්‍රමාණයක් ඉන්දියාවට විකිණීමේ රජයේ සුදානමක් පිළිබදව පසුගිය දිනවල වාර්තා වූවා. මත්තල ගුවන්තොටුපල සහ හම්බන්තොට ප්‍රදේශයේ මෙම ඉඩම් මිලට ගැනීමට ඉන්දියාව සියල්ල සුදානම් යැයිද ශ්‍රී ලංකා රජය සමග ඔවුන් සාකච්ඡා සිදු කර අවසන් තීරණ සදහා එලබ තිබෙන බවද කියවේ.ශ්‍රී ලංකාව සතු වටිනා ඉඩම් සහ ගුවන්තොටුපලක් මෙලෙසින් විදෙස් රටකට ලබා දීම බොහො දෙනාගේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබෙනවා. මේ පිළිබදව සමාජජාලා මාධ්‍යයන්හි පළව තිබුනේ මෙලෙසින් ශ්‍රී ලංකාවේ වටිනා භූමිය ඉන්දියාවට විකිණූ පසූ ශ්‍රී ලංකාව නොබො කලකින්ම ඉන්දියානු කොලනියක් බවට පත්විය හැකි බවයි.මේ අතර රටට බත සපයමින් ගොවිතැනෙන් සිය ජීවිකාව සරි කර ගන්නා හම්බන්තොට ප්‍රදේශයේ ගොවියෙකු රජය විසින් මෙලෙසින් ඉන්දියාවට විකුණන්නේ සිය සින්නක්කර ඉඩම් බව පවසනවා. ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියට වීඩියෝවක් එක් කරමින් ඔහු මේ බව පවසනවා.වර්තමානයේ හම්බන්තොට මුහුදු තීරය ශ්‍රී ලාංකිකයන්ටත් තහනම් කලාපයක් කර ගනිමින් චීනය පාලනය කරන බවත්, හම්බන්තොට ගුවන්තොටුපල සහ ඉඩම් මෙලෙසින් ඉන්දියාවට විකිණීම කෙලෙසින් හෝ නැවතිය යුතු බවද ඔහු ප්‍රකාශ කරනවා.

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!