” අපිටත් සලකන්න වෙයි කියා සිතා කරන චෝදනාවක් දැයි සැකයි..” – ගුවන් හමුදාපති

” අපිටත් සලකන්න වෙයි කියා සිතා කරන චෝදනාවක් දැයි සැකයි..” – ගුවන් හමුදාපති

Spread the love
  •  
  •  
  •  
  •  

මිග් 27 ගුවන් යානා 4 ක්‌ මිලට ගනු ලැබුවේ එවකට රජයේ කැබිනට්‌ මණ්‌ඩලය අනුමත කළ ටෙන්ඩරයක්‌ මගින් මිස ගුවන් හමුදාව අනුමත කළ ටෙන්ඩර් කැඳවීමකින් නොවේ යෑයි මිග් ගුවන් යානා ගනුදෙනුව පිළිබඳව ඉකුත් සති අන්තයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය මගින් ප්‍රශ්න කිරීමට ලක්‌වූ හිටපු ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී සහ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා දිවයින පුවත්පතට ප්‍රකාශ කර ඇත.
මෙහිදී ඇසූ ප්‍රශ්න කීපයකට රොෂාන් ගුණතිලක මහතා මෙසේ පිළිතුරු දී ඇත.

ප්‍රශ්නය – මිග් යානා ගෙනාවේ ගුවන් හමුදාව අනුමත කළ ටෙන්ඩර් කැඳවීමකින් බවට කියන කතාව කුමක්‌ද?
පිළිතුර – අමු බොරු කතාවක්‌. 2006 වසරේ ඔය ගුවන් යානා මිලට ගන්නා කතාවක්‌ තිබුණා. මම ගුවන් හමුදාපති ලෙස පත්වුණේ ඊට පසුවයි. අපිට හිතෙන හිතෙන විදිහට ගුවන් යානා මිලට ගන්න බැහැ. කැබිනට්‌ මණ්‌ඩලය අනුමත කළ ටෙන්ඩරයක්‌ මගින් මෙම ගුවන් යානා ගෙන්වා තිබුණා.
ප්‍රශ්නය – ඇයි පොලිසිය ඔබගෙන් ප්‍රශ්න කරන්නේ?
පිළිතුර – ඒක හරි වැඩක්‌නේ. ගුවන් හමුදාපතිවරයා ලෙස මම ඒ ගැන ප්‍රකාශයක්‌ දිය යුතුයි. මෙම ගුවන් යානා වල තත්ත්වය සහ ඒ පිළිබඳව වැඩි තොරතුරු අප සොයා බැලිය යුතුයි.
මෙම ගුවන් යානාවලින් කවුරු පිල්ලි ගැහුවද නැද්ද අපි කියන්න දන්නේ නැහැ. අපි අපේ රාජකාරිය කළා.
උතුරු නැගෙනහිර යුද්ධය නැති කිරීමට හමුදාව වගේම ගුවන් හමුදාවත් නාවික හමුදාවත් දායකවීම නිසා ඉදිරියේදී අපට යම්කිසි සැලකිල්ලක්‌ රජයෙන් ලැබුණොත් එය අඩාල කිරීමට කාගේ හෝ සැලැස්‌මක්‌ ඇතැයි කියලා මට සැක හිතෙනවා.
මෙම මිග් ගනුදෙනුව පිළිබඳව පොලිසිය තවදුරටත් කරුණු විමසුවහොත් ඒ සියල්ලටම මා උත්තර දෙනවා.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!