“අපට ඔබලා සමග ක්‍රිකට් ගසන්න ඕනා….” – ආදිවාසීන් ඇමති මණ්ඩලයට දන්වයි

“අපට ඔබලා සමග ක්‍රිකට් ගසන්න ඕනා….” – ආදිවාසීන් ඇමති මණ්ඩලයට දන්වයි

Spread the love
  •  
  •  
  •  
  •  

රජයේ ඇමැති මණ්‌ඩලයත් සමඟ තම ආදිවාසී ක්‍රිකට්‌ කණ්‌aඩායම ක්‍රිකට්‌ තරගයක්‌ පැවැත්වීමට කැමැත්තක්‌ ඇති බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාට නිල වශයෙන් දැනුම් දෙන බව ආදිවාසී ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නායක, දඹාන ආදිවාසී ජන උරුම කේන්ද්‍රයේ ප්‍රධානියා වූ ඌරුවරිගේලාගේ හීන්බණ්‌ඩා ඇත්තෝ ජංගම දුරකථනයෙන් අපට පැවසීය.
තම ආදිවාසී ක්‍රිකට්‌ කණ්‌ඩායම වෙනත් රටවල ආදිවාසීන් සමඟ වුවද ක්‍රිකට්‌ තරග පැවැත්වීමට කැමැත්තක්‌ ඇති අතර ඒ සඳහා රජයේ හෝ පෞද්ගලික මට්‌ට්‌ටමින් වුවද කාගේ හෝ අනුග්‍රහයක්‌ දක්‌වන්නේ නම් සතුටු වෙන බවද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් තම ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නව අදහස්‌ මෙන්ම අඩුපාඩු සියල්ලම ක්‍රීඩා ඇමැතිවරයාට දැනුම් දෙන බවද හීන්බණ්‌ඩා ඇත්තෝ කීවේය.

(Visited 70 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!