අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් හා කැබ් රථයක් සුරියවැව වල්සපුගල පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් අද(15) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින්ට ලද ඔත්තුවකට අනුව සිදුකල වැටලිමකදි මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගැනිමට හැකි වි තිබේ.හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේදි මාර්ගයේ ගමන් කරමින් තිබු කැබ් රථයක් නවත්වන ලෙස සංඥා කලද එය නොනවත්වා ධාවනය කර තිබේ.එහිදි වහා ක්‍රියාත්මක වු විශේෂ කාර්ය බළකා නිළධාරීන් කැබ් රථය පසු පස හබාගොස් කැබ් රථය නවතා සිදු කළ පරික්ෂාවකදී කැබ් රථයේ තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.

(Visited 10 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!