“අධිකරණයට යුද හමුදාවේ බලය පෙන්වන්න එන්න එපා” – හමුදා නිලධාරියාට අවවාද

Spread the love
  •  
  •  
  •  
  •  

ගම්පහ නගරයේදී තෙල් බවුසරයක් කාරයක හැපීමේ අනතුරක් සම්බන්ධයෙන් බවුසර් රියදුරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත ද මෙල් මහතා ඉදිරියේ නැගී සිටියේය.

මහේස්ත්‍රාත් – ඔබ යුද හමුදා නීති අංශයේ කෙනෙක්ද?

නීතිඥවරයා – අපි හමුදාවට ගරු කරනවා.

මහේස්ත්‍රාත් – ඔබ හමුදා නිලධරයෙක්ද

නීතිඥවරයා – ඔව්

මහේස්ත්‍රාත් – කපිතාන්වරයෙක්ද

නීතිඥවරයා – ඔව්

මහේස්ත්‍රාත් -යුද හමුදා නීති අංශයේද

නීතිඥවරයා – ඔව්

මහේස්ත්‍රාත් – සිවිල් නඩුවකට අධිකරණයේ පෙනී සිටීමේ අයිතියක් ඔබට නැහැ. ඔබ උසාවිය නොමග යවනවා. අධිකරණයට යුද හමුදාවේ බලය පෙන්වන්න යනවා. උසාවියට ඇවිත් එහෙම බලය පෙන්වනවානම් වෙනත් තැන් වලදී කෙසේ බලය පෙන්වනවාදැයි සිතා ගත හැකියි.

උසාවියට ගැලපෙන ඇඳුමින් සැරසී සිටි එම පුද්ගලයා පෙනී සිටි රියදුරා පැදවූ බවුසරය යුද හමුදා මේජර් ජනරාල්වරයකුගේ බව නීතිවේදීන් අතර කථා බහේදී දැනගත හැකි විය. පසුගිය 13 වැනිදා සවස ගම්පහ දුම්රිය හරස් මගේදී කාන්තාවක විසින් පැදවුණු මෝටර් රථයක එම බවුසරය වැදී ඇත. පොලිසිය නඩු පවරා ඇත්තේ අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමේ චෝදනාව යටතේය.

මහේස්ත්‍රාත් යුද හමුදා නීති නිලධරයාට පැවසූයේ ඔහු කැත වැඩක් කළ බවයි. ‘‘අපි යුද හමුදාවට ගරු කරනවා. මේ වගේ අය ඒ ගෞරවය නැති කරනවා.“

ආර්.එම්.ඉන්දික රාජපක්ෂ නම් බවුසර රියදුරා රුපියල් 2000 මුදල් සහ රුපියල් 25,000 ක ශරීර ඇප මත මුදාහරිමින් මහේස්ත්‍රාත් හමුදා නීති නිලධරයාට පැවසූයේ මෙවැනි වරදකට ඇප දිය හැකි බවයි. දෙසැම්බර් 23 ට නඩු විභාගය කල් තැබිණි. [sexypoll id=”9″]

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!