අද සිට නිකාබය හා බුර්කාව තහනම්..!

අද සිට නිකාබය හා බුර්කාව තහනම්..!

Spread the love
  • 34
  •  
  •  
  •  
    34
    Shares

නෙදර්ලන්තය බුර්කාව හෝ නිකාබය හෝ සහ මුහුණු ආවරණය වන ඇඳුම් පැළඳීම තහනම් කරමින් නීතියක් ගෙනා අතර එය අද  සිට ක්‍රියාත්මක වන බව එරට බලධාරීහු ප්‍රකාශ කළහ.මේ අනුව පොදු ගොඩනැගිලි තුළදී සහ ප්‍රවාහන සේවාවලදී මුහුණු ආවරණය වන ඇඳුම් පැළැඳීම තහනම් වේ. මෙම නව නීතිය සම්බන්ධයෙන් නෙදර්ලන්තය තුළ යම් මතභේදකාරී තත්ත්වයක් ද උද්ගත විය.මිලියන 17ක ජනතාවක් ජීවත්වන නෙදර්ලන්තයේ 200ත් 400ත් අතර කාන්තාවන් පිරිසක් නිකාබය හෝ බුර්කාව හෝ පළඳින බව වාර්තා වේ..

(Visited 168 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!