අද අළුයමත් පැරිසියට වෙඩි වරුසාවක්

Spread the love
  •  
  •  
  •  
  •  

ප‍්‍රංශයේ පැරිස් නුවරට ආසන්න ශාන්ත ඩෙනිස් ප‍්‍රදේශයට අදත් ප‍්‍රහාරයක් එල්ල වී ඇතැයි එරට වාර්තා පවසයි. අද අලුයම එල්ල වූ වෙඩි වරුසාවක් හේතුවෙන් එම ප‍්‍රදේශයේ බලධාරීන් පදිංචිකරුවන්ට දන්වා ඇත්තේ දැවැන්ත පොලිස් මෙහෙයුමක් දියත් කරන බැවින් නිවෙස් තුළට වී සිටින ලෙසයි.
අද උදෑසන 7 පමණ වන විටත් විශාල පිපිරීම් 7ක් පමණ ඇසුණු බවට වාතා වේ.
කෙසේ වෙතත් මෙය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් ද යන්න පිළිබද තවමත් අනාවරණය වී නොමැති අතර වැසියන්ට නිවාස වල රැඳී සිටින ලෙස බලධාරීන් ඉල්ලීමක් කර ඇත.

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!