“අද අමරිකාවටයි ඉන්දියාවටයි තිබෙන ලොකුම බාධකය මහින්දයි..” – ගම්මන්පිල

“අද අමරිකාවටයි ඉන්දියාවටයි තිබෙන ලොකුම බාධකය මහින්දයි..” – ගම්මන්පිල

Spread the love
  •  
  •  
  •  
  •  

අද ඇමරිකාවට ඇති ප්‍රශ්නය ජනතාව මහින්ද රාජපක්‍ෂව අත්නොහරින්නේ ඇයි කියන එක යෑයි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය.
ගම්මන්පිල මහතා මේ කරුණු ප්‍රකාශ කළේ පක්‍ෂයේ අවිස්‌සාවේල්ල ජන සභාව පිහිටුවීමේ උත්සවයේ ප්‍රධාන දේශනය කරමිනි.
එහිදී ගම්මන්පිල මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.
මම දැක්‌කා කඩුවෙල ආසනයේ රැස්‌වීමක්‌ කරමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කරනවා පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල හැර වෙන කවුරුන් හෝ ඉන්නවද කියල. අපි එතුමට කියනවා අනුර මෙහි එන්න. පිවිතුරු හෙළ උරුමයට සෙනඟ ඉන්නවද කියා අවිස්‌සාවේල්ලට ඇවිත් බලන්න කියලා. අනුර දිසානායක මැතිතුමනි, අපි ඔබට අභියෝග කරනවා මේ අවිස්‌සාවේල්ල ආසනයේ කොහෙ හරි මුල්ලක අවිස්‌සාවේල්ලෙන් පමණක්‌ සෙනඟ ගෙනල්ලා මීට වඩා ලොකු රැස්‌වීමක්‌ කරන්න කියල අපි ජවිපෙ නායකයාට අභියෝග කරනවා. මෙතන බස්‌වලින් ගෙනා සෙනඟ නෑ. බඩු බෙදනව කියා ගෙනා සෙනඟත් නෑ. ඒ නිසා මේ ඉන්නෙ පිවිතුරු හදින් රට රකින්න ආපු සෙනඟක්‌.
මිත්‍රවරුනි, අපි අද ජයග්‍රහණයේ අභියසට පැමිණ තියෙනවා. අපි ජනවාරි 10 වැනිදා පටන්ගත් සටන ජයග්‍රහණය අභියසයි තියෙන්නේ. අපි මේ සටන කරනකොට එජාපය අපිට කිව්වේ මහින්ද දේශපාලනයට එන්න කියලයි. අපි ජූලි 1 වැනිදා ඒ ප්‍රශ්නය විසඳල දුන්නා. ඊට පස්‌සෙ කිව්වේ මහින්දට සන්ධානයේ නාමයෝජනා නෑ කියලයි. පසුගිය සිකුරාදා අපි ඒ ප්‍රශ්නෙත් විසඳල දුන්නා. මෙච්චර කල් එජාපයට තිබුණ එකම දිනන සූත්‍රය තමයි සන්ධානය දෙකඩ වෙනවා. ඒ නිසා එජාපය දිනනවා කියන සූත්තරය. ඒ සූත්තරය අදට ගැලපෙව්වොත් සන්ධානය දෙකඩ වුණේ නෑ. ඒ නිසා එජාපය දිනන්නේ නෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ඔබතුමා ඡන්ද ව්‍යාපාරය කරන්න. හැබැයි මෛත්‍රී නෝනට කියන්න අරලියගහ මන්දිරය අස්‌කරන්න පටන්ගන්න කියලා. මොකද අගෝස්‌තු 18 මහින්ද මහත්තයා එන්න කලින් ඔය අරලියගහ මන්දිරයට අරක්‌ගෙන සිටි මහ බැංකු පෙරේතයෝ ටික බෙදුම්වාදී කුම්භාණ්‌ඩයෝ ටික අරලියගහ මන්දිරයෙන් එලවන්න තොවිලයක්‌ නටල පිරිත් කියන්න අපිට සිදුවෙනවා. ඒකට ඉඩ දෙන්න දැම්ම බඩු අකුලන්න කියලා අපි රනිල් මහත්තයට කියනවා.
අපි මේ ආ ගමන ඉතා දිගු ගමනක්‌. ජනවාරි 10 වැනිදා පැවැති සන්ධාන මාධ්‍ය හමුවේදී අලුත් ආණ්‌ඩුවට සුබපතනවා වෙනුවට මම කිව්වේ තවත් දින 99 කින් එන පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි මේ ආණ්‌ඩුව ගෙදර යවනවා කියලයි. හැමෝම මට බැන්නා. අලුත් ආණ්‌ඩුවක්‌ ආපුහම ඔහොමද කතා කරන්නේ කියල ඇහුව. බොහෝ දෙනෙක්‌ හිටියේ අවුරුදු 10 ක්‌ 15 ක්‌ විපක්‍ෂයේ ඉන්න හිත හදාගෙනයි. තවත් අය හිටියෙ අප්පච්චි මලෝ කියල අනෙක්‌ පැත්තට එකතු වෙන්නයි. හැබැයි ජනවාරි 13 වැනිදා පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවක්‌ පවත්වමින් අපි කිව්වේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ අගමැති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මහතයි කියලා. සමහරු අපිට පිස්‌සු කියල හිතුවත් අපි මේ වන විට මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කරන ජනතා සිහිනය සැබෑ කර හමාරයි. මිත්‍රවරුනි, සමහරු මෙහි ගරුත්වය දිනේෂ්, විමල්, උදය, වාසු හතර දෙනාට දුන්නත් මෙහි ගරුත්වයේ සැබෑ උරුමකරුවා ඔබයි. මොකද අපි පෙබරවාරි 9 වැනිදා ඔබට කිව්වා තමයි. අපි මහින්ද අගමැති කරන සටන පටන් ගන්නවා. මහින්දට ඡන්දය දුන් ලක්‍ෂ 58 ඔබත් අයිති නම් පෙබරවාරි 18 වැනිදා හවස 3 ට නුගේගොඩට ඔබත් එන්න. එසේ කියල 18 වැනිදා නුගේගොඩට අපි එන විට එතන ඔබ තමුන්නාන්සේලා කවුරුවත් නැතිනම් එතනම සටන හබක්‌. හැබැයි මහා ජන ගඟක්‌ එතනට ඇවිත් හිටියා. මේ ජනගඟ නිසයි ටිකෙන් ටික අනිත් අය අපට එකතු වුණේ. එදා තමුන්නාන්සේලා නුගේගොඩට නාව නම් මහින්ද අගමැති කරන සටන ඉදිරියට යන්නේ නෑ. තමුන්නාන්සේලා නුගේගොඩ විතරක්‌ නොවේ මහනුවරට, රත්නපුරට, කුරුණෑගලට, මාතරට අපිත් එක්‌ක ආවා. එදා මහනුවරදී ශ්‍රීලනිප මන්ත්‍රීවරු එක්‌කෙනෙක්‌ ගොඩවුණ අපේ වේදිකාවට මාතරදී 71 දක්‌වා වර්ධනය වුණේ මේ ජනගඟ නිසයි. අපි ඒ අනුව පළමුවැනිද මහින්ද මහත්තයා හමුවෙලා කිව්වා ජනපතිතුමනි, දැන් තැටිය රත්වෙලා තියෙන්නේ අපි දැන් රොටිය පුච්චමු කියලා. හැබැයි අර යහපාලන ආණ්‌ඩුවේ බාගෙට පුච්චපු රොටිය වගේ නොවෙයි මේ රොටිය. අපි පදමට හදල කටට රසට ජනතාවට කන්ඩ පුළුවන් විදිහටයි මේ රොටිය පුච්චන්නේ. ඡන්ද පරාජයෙන් කඩාවැටෙනවා වෙනුවට යළි පැමිණීමට මහින්ද රාජපක්‍ෂ මහතාට ආත්ම ශක්‌තිය දුන්නෙත් ඔබයි.
අද ඇමරිකාවට ඉන්දියාවට ලොකුම ප්‍රශ්නයක්‌ තියෙනවා. අද ඇමරිකාවට තියෙන ප්‍රශ්නෙ මහින්ද රාජපක්‍ෂ දේශපාලනය අත්අරින්නේ නැත්තේ ඇයි කියන එක නෙවෙයි. මහින්ද රාජපක්‍ෂව ජනතාව විසින් අත්නොහරින්නේ ඇයි කියන එකයි. කළගුණ දන්න ජනතාවක්‌ මේ රටේ ඉන්නේ. පේන්නැති ඇහෙන්නැති ඇසතු බෝරුකට දවස්‌ හතක්‌ අනිමිස ලෝචන පූජාව පවත්වපු බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන සංස්‌කෘතියක්‌ තියෙන රටක්‌ විදියට කළගුණ දන්න ජාතියක්‌ ඉන්න රටක්‌ මේක. එහෙව් රටක නායකයෙක්‌ව විදේශ රටක කුමන්ත්‍රණවලින් පස්‌සට අදින්න පුළුවන් වුණත් කවදාවත් මහින්ද සුළඟ නතර කරන්න ඇමරිකාව නිසා තියා ජගතෙකුට බෑ කියල අපි අනිවාර්යයෙන් ප්‍රකාශ කරනවා.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!