“අද අපේ රට ගෝනුස්සන්ගෙන් පිරිලා. උන් දන්නේ හපා කන්න විතරයි”

“අද අපේ රට ගෝනුස්සන්ගෙන් පිරිලා. උන් දන්නේ හපා කන්න විතරයි”

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

‘තමන්ව බේරගත්ත හාමුරුවන්ගේ අත හපාකාන ගොනුස්සෙක් ගැන තරහින් කතා කළ හිමිනමක් අමතා සෙන් හාමුදුරු නමක් කියනවා මම මගේ වැඬේ කරනවා ගෝනුස්සා උගේ වැඬේ කරනවා.ඒ ගැන කළබල වෙන්න එපා කියලා. අන්න ඒ වගේ වෙඬරුවේ උපාලි අනුනාහිමියනේ අද අපේ රට ගෝනුස්සන්ගෙන් පිරිලා. උන් දන්නේ හපා කන්න විතරයි. ඒ ගැන අපි කලබල විය යුතු නැහැ‘ යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරි ආචාර්ය වලේබොඩ ගුණසිරි නාහිමියෝ අද (24) පැවසූහ.
ගුණසිරි හිමියෝ මෙසේ පැවසුයේ උඩරට අමරපුර මහා නිකායේ අනුනායක පදවිය පිරිනැමූ නිකපොත චන්ද්‍රජෝති අනුනාහිමි වෙත සන්නස් පත‍්‍ර ප‍්‍රදානය කිරිමේ පුණ්‍යෝත්සවයේ පැවිදි අනුශාසනාවක් පවත්වමිනි. මෙහිදි තවදුරටත් අදහස් දැක්වු ගූනසිරි නාහිමියෝ මෙසේද පැවසූහ.
‘අපේ උපාලි අනුනාහිමියන්ට පහුගිය දිනවල මුහුණ දෙන්න සිදුවුණ දේවල් දිහා බැලූවාම මට පරණ සෙන් කතාවක් මතක් වෙනවා. එක අ වස්ථාවක සෙන් හාමුදුරුවෝ දිය කඩිත්තක් ළග සිටියදී ගෝනුස්සෙක් දියට වැටෙනව දැක්කා. උන්වහන්සේ මේ ගෝනුස්සා ගොඩට ගත්තා. ගොඩට ගත්ත තමන් ගෝනුස්සා හාමුදුරුවන්ගේ අත හපා කෑවා. එතකොටම අත ගැස්සීම නිසා ගොනුස්සා ආයෙත් දියට වැටුණා. මේ විදිහට අවස්ථා කීපයකදීම හාමුදුරුවෝ ගෝනුස්සාව ගොඩට ගන්නවා. ගෝනුස්සා හාමුදුරුවන්ගේ අත හපා කනවා.
මේක බලා හිටිය පොඩි හාමුදුරු නමක් අහනවා මොන මෝඩ වැඩක්ද මේ කරන්නේ. ඔය සතා අත හපාකනවා නේද කියලා. එතකොට අර සෙන් හාමුදුරුවෝ කියනවා මම මගේ වැඬේ කරනවා. ඌ උගේ වැඬේ කරනවා. කලබල වෙන්න එපා, කියලා. මේ රටෙත් ඉතිහාසය පුරා ඒ වගේ ගෝනුස්සෝ හිටියා. ඞී. එස්. සේනානායක මහතා ගොවිජනපද ඇති කරනකොට මිනිස්සු මැලේරියාව හදලා මරන්න හදනවා කිව්වා, අනගාරික ධර්මපාල තුමා ආගමික පුනරුදය ඇති කරන්නත් රට බේරාගන්නත් ජනතාව පුබුදුවන්න ගොනා මි හරකා වගේ වචන කිව්වාම එතුමාට පුලූවන්තරම් දොස් කිව්වා, පේ‍්‍රමදාස මහතා ගාමන්ට් ඇති කරනකොට සුද්දන්ට ජංගි මහන්න හදනවා කියලා කෑ ගැහුවා.
එදා ඒක නොකලා නම් අද ආර්ථිකයට මොනවද තියෙන්නේ . මහින්ද රාජපක්ෂ මහතා තිස් අවුරුදු යුද්ධය ඉවර කළා. එතුමාටත් මේ රටෙ මොනවද නොකිව්වේ. නමුත් මේ කිසිවෙක් තමන්ගේ වගකීම ගෝනුස්සෝ නිසා අත්ඇරියේ නැහැ. ඒ නිසා ගෝනුස්සාගේ රාජකාරිය ගෝනුස්සාට කරන්න ඇරලා අපි අපේ වැඬේ කරමු.

(Visited 58 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!