අතුරුදහන් වුවා යයි කී කොටි රොතු පිටින් යලි උතුරෙන් මතුවන්නේ කුමකටද ?

අතුරුදහන් වුවා යයි කී කොටි රොතු පිටින් යලි උතුරෙන් මතුවන්නේ කුමකටද ?

Spread the love
  •  
  •  
  •  
  •  

වෙන්ඩන් සහ කදීර් කොටි ගුවන් ඒකකයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකි. මගීන් 49 ක්‌ රැගත් ලයන් එයාර් යානාව මිසයිල ප්‍රහාරයකින් විනාශ කළ කොටි ගුවන් ඒකකය යටතේ ඔවුන් ක්‍රියා කළේය. සීලන් නමැති ප්‍රහාරක බලකායේ සේවය කළ ගාමිනීද කොටි කාලතුවක්‌කු බලකායේ කටයුතු කළ චාල්ස්‌ද හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කළ ටොසි බුද්ධි සේවාවේ ගංගයිද කොටි පොලිස්‌ භටයකු වූ අලාකන්ද් කොටි රූපවාහිනියේ සිටි තනි අරසු සහ ඒ 9 මාර්ගයේ කප්පම් එකතු කළ කොටි පරිපාලන ඒකකයේ තුලාසි මෙන්ම වන්නි ටෙක්‌ කොටි පරිගණක ජාලයේ අයියල් සහ කොටි ආර්ථික ඒකකයේ මුරුගදාස්‌ද එක්‌ වී පිහිටුවා ගත් ප්‍රජාතන්ත්‍රවාදයේ සටන්කාමියෝ පක්‍ෂය සිය අලුත්ම ඉල්ලීම එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට යොමු කර ඇත. ත්‍රස්‌තවාදී කටයුතු සම්බන්ධව සිරයේ සිටිය යුතු මොවුන් පුනරුත්ථාපන ලේබලය යටතේ නිදහස්‌ වී ස්‌වාධීන අපේක්‍ෂකයන් ලෙස මැතිවරණයට ඉදිරිපත් වී සිටිති.
මොවුන්ව මෙහෙය වන්නේ ටොසි බුද්ධි සේවාවේ නායක පොට්‌ටු අම්මාන් සමග සබඳකම් පැවැත් වූ විද්‍යාදරන්ය. යුද අපරාධ සිදු කළ මෙම හිටපු කොටි ක්‍රියාකාරීන් දැන් වන්නි මෙහෙයුම දියත් කිරීම ගැන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් යුක්‌තිය ඉල්ලා සිටී.
එහෙත් මොවුන් සිදු කළ බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියා නිසා මෙරට ජනතාවට යුක්‌තිය හිමි වී නැත. යුක්‌තිය වෙනුවට එකී ත්‍රස්‌ත ක්‍රියාවට සම්බන්ධ වූවන්ට සමාව ලැබී ඇත.
හිටපු කොටි ත්‍රස්‌තයන් මෙහෙයවන විද්‍යාදරන් මෑතකදී ද්‍රවිඩ සංධානයෙන් ප්‍රශ්නයක්‌ අසමින් මුල්ලිවයික්‌කාල්හිදී සිදු වූයේ ජාති ඝාතනයක්‌ද නැද්ද යෑයි ශුද්ධ දෙමළ භාෂාවෙන් පවසන්නැයි ඉල්ලා තිබේ.
මෙම හිටපු කොටි ක්‍රියාකාරීන් පිරිස පෙරේදා (4) යාපනයේ මනිපායිහි සුදුමලෙයි අම්මන් කෝවිල් පරිශ්‍රයට පැමිණ සිය මැතිවරණ ප්‍රකාශනය දියත් කරනු ලැබීය.
1987 අගෝස්‌තු 4 දා කොටි නායක ප්‍රභාකරන්ද මෙම ස්‌ථානයට පැමිණ ඉන්දීය සාම හමුදාවට අවි තොගයක්‌ බාර දීමට ක්‍රියා කළේය. එහෙත් පසුව හෙළි වූයේ එම අවි භාවිතා කළ නොහැකි බවයි.
වසර 28 කට පෙර ප්‍රභාකරන් ඉන්දීය සාම හමුදාව රැවටූ ස්‌ථානයට මෙවර පැමිණියේ විද්‍යාදරන් ප්‍රමුඛ හිටපු කොටි ක්‍රියාකාරීන් පිරිසයි.
මෙම කෝවිල් පරිශ්‍රයේ දේශපාලන රැස්‌වීමක්‌ පැවැත්වීමට හිටපු කොටි ක්‍රියාකාරීන් පිරිස දැරූ උත්සාහය පොලිසිය ව්‍යර්ථ කර ඇත.
එදා ඉන්දීය සාම හමුදාවට කසිකබල් අවි ලබාදී ඉන්දීය රජය රැවටු ප්‍රභාකරන් පසුව හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කළේය. ප්‍රභාකරන් විසින් රජිව් ගාන්ධි ඝාතනය කිරීමට ක්‍රියා කරන බවට සපථ කළේ මෙම කෝවිල් පරිශ්‍රයේදී යෑයි පසුව වාර්තා විය.
මේ පසුබිම මැද විද්‍යාදරන් ප්‍රමුඛ හිටපු කොටි ක්‍රියාකාරීන් මනිපායි කෝවිල් පරිශ්‍රයට පැමිණියේ අනාගත මෙහෙයුමකටද?
මෙයට වසර තුනකට පෙර චැනල් 4 රූපවාහිනිය පැවසූවේ ප්‍රභාකරන්ගේ ආරක්‍ෂකයන් සියලු දෙනාම ආරක්‍ෂක හමුදාව විසින් මරා දැමු බවයි. එහෙත් ප්‍රභාකරන්ගේ ප්‍රධාන ආරක්‍ෂකයා වූ වෙන්ඩන් හෙවත් සිවනාදන් උතුරෙන් මතු වී ජන්දය ඉල්ලයි.

එහෙත් අතුරුදන් වූවන් ගැන හඬ නගන සංවිධාන මුනිවත රකී.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!