අතුරුදන් වූවන්ගේ පනත සම්මත වීම පිලිබඳ ඇමරිකාවේ ප්‍රසාදය

අතුරුදන් වූවන්ගේ පනත සම්මත වීම පිලිබඳ ඇමරිකාවේ ප්‍රසාදය

Spread the love
  •  
  •  
  •  
  •  

අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා රජය විසින් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව සිය ප්‍රසාදය පළ කර තිබෙන අතර අදාළ පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වඩාත් අර්ථවත් ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් වෙනුවෙන් එය ඓතිහාසික ජයග්‍රහණයක් වනු ඇති බවයි.
මේ අතර දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර ලේකම් නිෂා බිස්වාල් ද මේ ගැන අදහස් දක්වා ඇත.
ඇය පවසා ඇත්තේ සත්‍ය හා ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය යහපත් ප්‍රවේශයකට ගෙනයාම වෙනුවෙන් පැවති බාධකයක් අභිබවා යාමක් ලෙස එය දැකිය හැකි බවයි.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!