“අති දක්‍ෂ උඩරට නර්තන ශිල්පිනි ‘සෝමාගේ’ නිසල සිරුර අසළ ළිඳෙන් මතුවෙයි”

“අති දක්‍ෂ උඩරට නර්තන ශිල්පිනි ‘සෝමාගේ’ නිසල සිරුර අසළ ළිඳෙන් මතුවෙයි”

Spread the love
  •  
  •  
  •  
  •  

උඩරට නර්තන කලාවේ උන්නතිය උදෙසා සිය ජීවිතයේ වැඩි කලක් කැප කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය කලා භූෂණ සම්මානයෙන්ද පිදුම් ලබා සිටි උඩරට දක්ෂ නර්තන ශිල්පිනියක් ඊයේ (11දා) නිවෙස අසල ළිඳට වැටී මියගොස් ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.මෙලෙස මියගොස් තිබුණේ දේවාලේගම, වලගම දකුණ, “රත්න කලායතනයේ අධිපතිනියව සිටි පුස්සපිටිය පනික්කියලාගේ සෝමාවතී 73 හැවිරිදි සිවුදරු මවකි.අරණායක, පොල්අඹේගොඩ ග්‍රාමයේ උපත ලබා තිබූ සෝමාවතී මහත්මිය මීට වසර 49කට පමණ ඉහතදී දේවාලේගම, වලගම දකුණ ප්‍රදේශයට විවාහ වී පැමිණ එම නිවෙසේ පදිංචිව සිට ඇත. ඇය පාසල් යන අවධියේ සිට නර්තන කලාව පිළිබඳ හදාරා පසුව සැමියාගේ නිවෙසට පැමිණ “රත්න” නමින් කලායතනයක් ආරම්භ කළාය. කලායතනය වැඩිදියුණු කිරීම සඳහා සැමියාගේ පියා සහ සීයාගෙන්ද ඇයට උදවු උපකාරද ලැබී තිබිණි. ප්‍රදේශයේ උඩරට නැටුම් ශිල්පය පිළිබඳ නමක් දිනා සිටි මෙම නර්තන ශිල්පිනිය පසුව ප්‍රදේශයේ දරු දැරියන් හට මෙන්ම සිය දරුවන් සිවුදෙනාටද උඩරට නර්තන කලාව පිළිබඳ සිය දැනුම් සම්භාරයද ලබාදීමට කටයුතු කර තිබිණි.සෝමාවතී මහත්මියගේ වැඩිමහල් පිරිමි දරුවා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර ගුරුවරයකු ලෙස සේවයට එක්වී තිබුණු අතර පසුව ඔහු නර්තන ප්‍රසංග සඳහා ඉන්දියාව, චීනය, ජපානය, ඕස්ට්‍රේලියාව හා ජර්මනිය වැනි රටවලටද ගොස් තිබිණි. සෝමාවතී මහත්මියගේ දරුවන් හතරදෙනාද දක්ෂ ලෙස උඩරට නර්තනය හදාරා ඇත. සිය නිවෙසේ කලායතනයක් පවත්වාගෙන යමින් ප්‍රදේශයේ දරු දැරියන්හට හා උඩරට නර්තනය වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා 2016 වර්ෂයේ සෝමාවතී මහත්මියට රාජ්‍ය කලා භූෂණ සම්මානයද පිරිනමා තිබිණි.

(Visited 42 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!