අත්අඩංගුවට ගන්නා විට නීතියට අනුව ක්‍රියා කරන්න ..ජනපති පොලිස්පතිගෙන් ඉල්ලයි.

අත්අඩංගුවට ගන්නා විට නීතියට අනුව ක්‍රියා කරන්න ..ජනපති පොලිස්පතිගෙන් ඉල්ලයි.

Spread the love
  • 211
  •  
  •  
  •  
    211
    Shares

අත්අඩංගුවට ගැනීමේ දී සුපරික්ෂාකාරීව හා දැඩිව නීතියට අනුකූලව ක්‍රියාකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.
අත්අඩංගුවට ගැනීම දඬුවමෙන් කොටසක් නොවන අතර, අත්අඩංගුවට පත්වීම පුද්ගල කීර්තිනාමයට හා සමාජ තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල කරන හෙයින් ඒ සම්බන්ධව කටයුතු කිරීමේ දී ඉතා සුපරික්ෂාකාරීව හා දැඩිව නීතියට අනුකූලව ක්‍රියාකරන ලෙසට පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත උපදෙස් ලබා දී ඇත.
කිසියම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සිදුවිය යුත්තේ අදාළ වගකීම ඉටුකරන නිලධාරීන්ගේ වෘත්තීය තීන්දුව මත බවත්,එම රාජකාරිය ස්වාධීනව හා කිසිදු බියගැන්වීමකින් හෝ අනුග්‍රහයකින් තොරව සිදුවන බවට සහතික කරගන්නා ලෙසටත් ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැනි මහජන නියෝජිතයන් සහ වෛද්‍යවරුවැනි වෘත්තිකයන් සම්බන්ධයෙන් ඉහත කී රාජකාරිය ඉටුකිරීමේ දී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට පත්වන පුද්ගලයාට නිසි‍‍‍ ගෞරවය ලබා දිය යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.
එමෙන්ම මෙම උපදෙස් සියලු ශ්‍රී ලාංකීය පුරවැසියන් සම්බන්ධයෙන් කිසිදු වෙනසකින් තොරව අදාළ වන බවත්, කිසිදු තත්ත්වයක් යට‍තේ හෝ බාහිර අරමුණු වෙනුවෙන් ක්‍රියාවට නැංවීම නොකළ යුතු බවත්, කිසිදු අනවශ්‍ය බලපෑමකට යටත් නොවන ලෙසටත් දැනුම් දී ඇත.
දූරදර්ශීව නිසි ලෙස රාජකාරී ඉටුකරන ලෙසට හා අවශ්‍ය අවස්ථාවන්හි දී නීතිපති උපදෙස් පරිදි ක්‍රියා කරන ලෙසට ද ජනාධිපති ලේකම්වරයා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී ඇත.

(Visited 270 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!