අඩ නිරුවතට එරෙහිව මෙරට කතුන් පෙරට එයි..!

අඩ නිරුවතට එරෙහිව මෙරට කතුන් පෙරට එයි..!

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

මෙරට කාන්තා හිංසනය ඉහළ යාමට අඩනිරුවත හේතුවී ඇති බව පෙන්වාදෙමින් වවුනියාවේ කාන්තා සංවිධාන කීපයක් එක්වී කාන්තාවන්ගේ නිරුවත හා අඩ නිරුවත ප්‍රදර්ශනය කිරීම් වළක්වන ලෙස ඉල්ලා විරෝධතා පා ගමනක නිරත වූහ.වවුනියාව නගර සභා ක්‍රීඩාංගණය ඉදිරිපිටින් ආරම්භ වූ මේ විරෝධතා පෙළපාළිය, වවුනියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය දක්වා ගමන් ගත් අතර එහිදී නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතාට කාන්තා සංවිධාන විසින් විශේෂ සන්දේශයක් පිළිගන්වන ලදී.මේ සන්දේශයේ සඳහන්ව ඇත්තේ මහමඟ ගමන් කරන කාන්තාවන් හා තරුණියන් ඔවුන්ගේ නිරුවත ප්‍රදර්ශනය වන ආකාරයට ඇඳුම් ඇඳීම නවතාලීමටත් රූපවාහිනිය හා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුවන එවැනි ප්‍රදර්ශනය කිරීම් නවතාලීමටත් පොලිසිය පියවර ගත යුතුව ඇති බවයි.උතුරේ තරුණියන් උපකාරක පන්තිවලට යෑමේදී පමණක් නොව කෝවිල් ඇතුළු සිද්ධස්ථානවලට යෑමේදීත් අඩ නිරුවත් ඇඳුම් ඇඳීම විලාසිතාවක් කරගෙන ඇති බව පෙන්වා දෙන වවුනියාවේ කාන්තා සංවිධාන මේ තත්ත්වය නිසා කාන්තාවන් ලිංගික හිංසනයන්ට ගොදුරු වීම වැඩි වී ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයාට භාරදුන් ලිපියේ සඳහන් කොට තිබේ.

(Visited 71 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!