අගමැති රනිල්ගේ ප්‍රකාශයට විරුද්ධයි-මෝදි ලංකා ගමන අවලංගු කළ යුතුයි

අගමැති රනිල්ගේ ප්‍රකාශයට විරුද්ධයි-මෝදි ලංකා ගමන අවලංගු කළ යුතුයි

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ තමා මහත් උනන්දුවෙන් පසුවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  මහතා පවසයි.
මිත්‍ර රටවල් සමඟ පවතින සබඳතා වැඩිදියුණු කරගැනීම තම අරමුණ බව  ඉන්දීය අගමැතිවරයා සඳහන් කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා සිය ට්විටර් ගිණුමේ මේ බව සඳහන් කර තිබේ.
ඉතා සතුටින් සහ විශ්වාසයෙන් යුතුව තමා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂා කරන බව  ඉන්දීය අගමැතිවරයා එහි සඳහන් කර ඇත.

එසේම තමාගේ මෙම සංචාරය දෙරට අතර පවතින සබඳතා ඉදිරි වසරවලදී තවදුරටත් ශක්තිමත් කරගැනීමට ඉවහල් වනු ඇති බව නරේන්ද්‍ර මෝඩි මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර තිබේ

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලබන 13 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ධීවරයින් සිදුකළ ප්‍රකාශයට විරෝධය පළකරමින් ඉන්දීය අගමැතිවරයා සිය ශ්‍රී ලංකා සංචාරය අවලංගු කළ යුතු බව ඉන්දීය කොංග්‍රස් පක්ෂය පවසයි.

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු තීරය උල්ලංඝණය කළහොත් ඔවුන්ට වෙඩි තැබීම වරදක් ලෙස සැලකිය නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණි.
අදාළ ප්‍රකාශය තරයේ හෙළා දකින කොංග්‍රස් පක්ෂ නායක වී.නාරායන්ස්වාමි පවසන්නේ  ඊට ඉන්දීය රජයේ දැඩි විරෝධය පළ කිරීම සඳහා අගමැතිවරයා සිය සංචාරය අවලංගු කළ යුතු බවයි

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!