අගමැති මහින්දගෙන් අද සහන මල්ලක්

අගමැති මහින්දගෙන් අද සහන මල්ලක්

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය , නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළව දැවැන්ත පෙරළියක් ඇති කිරීමට විශාල බදු සහන ප්‍රමාණයක් අද (23) දින සිට සිදු කරන බව නිවාස හා සමාජ සුබසාධන ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය. මුදල් ඇමැතිවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා මේ බව අද රටට අනාවරණය කිරීමට නියමිත බවද ඇමැතිවරයා කීය.ඒ මහතා මේ බව පැවසුවේ අගමැති කාර්යයාලයේ දී ඊයේ (22) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය. මේ ආණ්ඩුව දැන් අවස්ථා 3ක දී තෙල් මිල අඩු කළ ආණ්ඩුවක්. අද දවස වන විට මේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් වන ආකාරයේ විශාල බදු සහන ප්‍රමාණයක් කෘෂිකාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රයට දෙන්නට තීරණය කර තිබෙනවා. මුදල් ඇමතිවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා මේ බව රටට අනාවරණය කිරීමට නියමිතයි

(Visited 64 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!