“අගමැතිවරයාට අනූව නම් එතුමා සමානයි පඩික්කමට” – ඩලස්

“අගමැතිවරයාට අනූව නම් එතුමා සමානයි පඩික්කමට” – ඩලස්

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත ලබන අගෝස්තු මස 17 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කළ ආණ්ඩු විරෝධී විරෝධතා පා ගමනක් වෙනස් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මහනුවර සිට කොළඹට එම පා ගමන ආරම්භ කිරීමට සැලසුම් කළ බවද, උසස් පෙළ විභාගය, නුවර ඇසළ පෙරහැර ඇතුළු කටයුතු කිහිපයක් හේතුවෙන් ඒවාට බාධාවක් නොවන පරිදි එය සංවිධානය කරන්නැයි හිටපු ජනපති ඊයේ රාත්‍රී පැවසූ බවද ඒ මහතා ඒකාබද්ධ විපක්ෂය විසින් අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී කීවේය.
ඒ අනූව ලබන මස ජූලි මස 28 වැනිදා විරෝධතා පා ගමනක් නුවරින් ආරම්භ කරන බවත්, එය අගෝස්තු මස 01 වැනිදා කොළඹට පැමිණීමට නියමිත බවත්,ඔහු පැවසීය.
එහි අරමුණ අලුත් පක්ෂයක් නිර්මාණය කිරීමටදැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ එම විරෝධතා පා ගමනේ අරමුණ අලුත් පක්ෂයක් හැදීම නොව ජාතික බලවේගයක් හැදීම බවයි.
මේ අතර සරත් ෆොන්සේකා මහතා ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට සුදානම්වන බවට පළවන වාර්තා ගැන ද සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු කියා සිටියේ “අගමැතිවරයාට අනූව නම් එතුමා සමානයි පඩික්කමට” ලෙසය.
අගමැතිවරයාට කැස්සක් හැදුණ විට කතා කිරීමට දෙන්නේ සරත් ෆොන්සේකාට බවත්, කෙසේ හෝ තරඟ කළ පක්ෂයෙන් පරාද වී වෙනත් පක්ෂයකින් පාර්ලිමේන්තු පැමිණි සරත් ෆොන්සේකා මහතාට සුබපතන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!