“අගමැතිගේ දුෂණ හෙළිකළ මාධ්‍යවේදිනිය මරා දමයි”

“අගමැතිගේ දුෂණ හෙළිකළ මාධ්‍යවේදිනිය මරා දමයි”

Spread the love
  •  
  •  
  •  
  •  

පැනමාවේ කළු සල්ලි හිමිකරුවන් පිළිබඳ තොරතුරු හෙළිකිරීමට මුල් වූ බව කියන මෝල්ටාවේ ගවේෂණාත්මක මාධ්‍යවේදිනී ඩැප්නේ ගැලිසියා සිය මොටර් රියේ අටවා තිබූ බෝම්බයක්‌ පිපිරී මරුමුවට පත්වූවාය. 53 හැවිරිදි වියේ පසුවූ ඩැප්නේ බිච්ජිනා ගම්මානය අසලදී එලෙස ඝාතනයට ලක්‌වී ඇත. බ්ලොග් අඩවියක්‌ ද මෙහෙයවන ඇය මෝල්ටාවේ දූෂිත දේශපාලකයන් ගැන තොරතුරු හෙළිකළාය. මෝල්ටාවේ අගමැති ජෝශප් මස්‌කට්‌ ද දූෂිතයකු බව ඩැප්නේ විසින් හෙළිකර තිබුණි. එහෙත් ඔහු පැවසුවේ ඩැප්නේ ඝාතකයන් අල්ලාගන්නා බවයි. ඇය මාව විවේචනයට ලක්‌කළා, එහෙත් මෙවන් අමානුෂික ඝාතන මම අනුමත කරන්නෙ නැහැ යෑයි ඔහු කීවේය.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!