අක්මීමන දයාරතන හිමි සහ අරඹේපොල රතනසාර හිමිවරුන් අපරාධ කොට්ටාශයට

අක්මීමන දයාරතන හිමි සහ අරඹේපොල රතනසාර හිමිවරුන් අපරාධ කොට්ටාශයට

Spread the love
  •  
  •  
  •  
  •  

ගල්කිස්ස ප්‍රදේශයේදී මියෙන්මාර් සරණාගතයින් සම්බන්ධ සිද්ධියක් මුල්කරගනිමින් කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට අදාළව ස්වාමීන් වහන්සේ දෙනමකට හෙට දිනයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනීසිටින ලෙස දැනුම් දී තිබේ.
පුජ්‍ය අක්මීමන දයාරතන හිමි සහ පුජ්‍ය අරඹේපොල රතනසාර හිමි යන ස්වාමීන් වහන්සේට හෙට උදෑසන අපරාධ කොට්ඨාසයේ පෙනි සිටින ලෙස දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මියෙන්මාර් සරණාගතයින් පිරිසක් මුල් කරගනිමින් පසුගිය 26 වැනිදා ගල්කිස්ස ප්‍රදේශයේ දී කලහකාරී සිද්ධියක් ඇති වු අතර ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!