විශේෂාංග
සුදු වෑන් රථයකින් නොඑන ගමන්ගිය පෑලියගොඩ මර්වින්

මම එක්තරා දිනෙක රූපවාහිණියේ විකාශය වූ
ඉන්දීය හින්දි සිනමාවේ චිත්‍රපටයක් නරඹමින් සිටියෙමි.
ක්‍රියාදාම චිත්‍රපටයක් වූ එය "තෙවැනි ඇස" ලෙසින් නම් කර තිබුණි. එහි කතා තේමා ගොඩනැගී තිබුණේ ඉන්දියාවේ එක්තරා ප්රන්තයක් කේන්ද්‍ර කරගනිමින්ය.
ඒ ප්‍රාන්තය පුරා නිතර අවි දරණ එක්තරා නරුම කල්ලියක් රජ කරමින් සිටියහ. ඔවුන් හිරියටම අද මෙරට පැතිරී සිටින පාතාලයන් මෙන්ම විය. ඔවුහු නොයෙක් දුරාචාරයන්ගෙන් සමාජය වැනසූහ. කප්පම් ගත්හ. මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන යනු ලැබූහ. කුලී මිනිස් ඝාතන, ස්ත්‍රී දූෂණ වැනි දෙයින්ද අඩුවක් නොවූහ. මේ සියල්ල හමුවේ භිරාන්තව සිටි ජනතාව කිසිවක් කර කියා ගත නොහැකිව සුසුම් ලන්නට වූහ. එහෙත් ඒ ජනතාවගේ ඡන්දයෙන් ප්‍රාන්ත රජයේ බලය හිමි කරගෙන සිටි දේශපාලකයන් කිහිපදෙනෙක් මෙකී නරුමයන් සුරතල් කරන්නට විය.
ඒ හමුවේ තවත් අසරණ වූ ජනතාව නරුමයන්ට එරෙහි කටක් හැරීමටවත් නොහැකිව විඳවන්නට වූවේය. කිසියම් අයුරකින් නැගී සිටියකු වූයේ නම් ඔහුට සිදු වූයේ පෙර කී නරුමයන්ගේ වෙඩි පහරක හෝ මන්නා ප්රහාරයක ගොදුරක් වී ජීවිතයෙන් සමුගෙන යන්නටය.
එහෙත් සියල්ල මෙසේ සිදුවන අතරේ මේ ප්‍රන්ත රජජයේ සිදු වන නරුම ක්‍රියාවන්ගෙන් හෙම්බත්ව තම පියාද නරුමයන්ගේ ගොදුරක් වී මවද දූෂණය කර මරා දමන අයුරු දැසින්ම දැක එහි හැදී වැඩුණු එක්තරා කොල්ලකු අවසානයේ සංවිධානාත්මක ලෙස කාලකණ්නින්ට එරෙහිව නැගී සිටින්නට වූවේය.
ඔහු තවත් තරුණයන් කිහිප දෙනකු සමග එක්වී පෙරකී නරුමයන් එකිනෙකා පරලොව යවන්නට තරම් දක්ෂයකු විය.
එදා මා නැරඹූ "තෙවැනි ඇස" ලෙසින් නම් කර තිබුණු එම සිනමා පටය පුරාවට දිගහැරුණේ නරුමයන්ගේ පාතාල ක්‍රියා හා අවසානයේ ඊට තේරෙන භාෂාවෙන් පිළිතුරු සෙවූ තරුණයාගේ වික්‍රමාන්විත ක්‍රියාවන්ගෙන් පිරුණු කතාවකි.
පෙරකී නරුමයන් පරලොව යවන තරුණ පිරිස ඒ සෑම ඝාතනයකින්ම පසු "තෙවැනි ඇස" ලෙසින් සටහන් කෙරුණු පත්‍රකාවක් මියගිය නරුමයාගේ සිරුර අසළ තබා යැමට කටයුතු කරනුද එහිදී දකින්නට ලැබුණකි. එහිදී දේශපාලකයන්ටද එම තරුණයන්ගෙන් සමාවක් නොලැබීම විශේෂ ලක්ෂණයක්ද විය.
මිනිස් ඝාතනය අනුමත කළ නොහැක්කි. එහෙත් අවසානයේ එදා මා දුටු ඒ කතාවේදී තරුණයන්ගේ නැගී සිටීම හමුවේ මුළු ප්රාන්තම ජනතාවම නරුමයන්ගේ ග්රහණයෙන් මිදී සතුටු වෙනු දකින්නට ලැබුණකි. හිටි හැටියේ "තෙවැනි ඇසක්" ගැන දොඩවමින් මා කරනුයේ කුමක්දැයි දැන් මෙය කියවන කෙනෙකුට සිතෙන්නට හැකිය. එහෙත් එකී කතාව මේ මොහොතේ මගේ සිහියට නැගුනේ මේ වන විට "තෙවැනි ඇස" වැනි ක්‍රියාදාමයක් මේ බිමේද සිදුවෙමින් තිබෙන නිසාවෙනි.
ඒ කලක සිට මේ පින් බිම වැනසූ පාතාලයන්ට හා මත්කුඩු ජාවාරමුන්ට එරෙහිවය. එම නරුමයන්a සුරතල් කළ අපේ දේශපාලකයන්ටද ඉන් ගැලවීමක් නොමැති බවද පෙනනේනට තිබෙන්නකි.
මා බැලූ "තෙවැනි ඇස"හි සේම අද රටේ ජනතාවද මේ බිම තුළ ක්‍රියාත්මක එම ක්‍රියාදාමය කෙරෙහි සිටිනුයේ කිසියම් සතුටකිනි. ජනතාව අතරට ගොස් කරුණු විමසීමේදී එය පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නකි. මාස කිහිපයක සිට රට වැනසූ පාතාලයන් මත්කුඩු ජාවාරමුන් එකිනෙකා හිටි හැටියේ අතුරුදන් වන්නේය. එසේ යන එකා නොඑන්නටම යන්නේය. තත්ත්වය එසේ වුවද එවන් සිද්ධියක් කණ වැකුණු කල්හි රටේ සාමාන්‍ය ජනතාව අද උපහාසයෙන් කියනුයේ "ආ ඌත් වෑන් එකක නැගලා ටි්රප් එකක් ගිහිල්ලා"යි ලෙසිනි.
මෙකී පැහැර ගැනීම් කරන්නේ කවුදැයි යන්න රටටම අභිරහසකි. එහෙත් රටේ බහුතරය අද ඒ දෙස බලන්නේ සිදු විය යුත්ත නිසි ලෙස සිදුවන්නේයෑයි යන් හැඟීමෙනි.
මෙම ක්රියාදාමයේ ආරම්භය සටහන් වූයේ ඉකුත් මුල්ලේරියා ගැටුම සමග සිදුවූ පාතාල නායක කරාටේ ධම්මිකගේ පැහැර ගැනීමත් සමගිනි. ඉන් පසු ඒ ගමන ගියවුන් ගණනාවක්ද වේ. එහෙත් පාතාලයන්, නරුමයන් විනා ඒ කිසිවෙකුත් අතර සාධු චරිත නම් නොවූ බව පැහැදිලිම කරුණකි.
කරාටේ ධම්මිකගෙන් ආරම්භ වූ ජනතාව කියන පරිදි මෙකී නොමිලේ ටි්රප් රැගෙන යැමේ ක්රියාදාමයේ ආසන්නතම සිදුවීම සිදු වූයේ ඉකුත් සතියේ කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේදී විය.
එහිදී ටි්රප් එක ගියේ කවෙරෙක්ද? හේ දශක දෙකකට ආසන්න කාලයක් මේ රටේ මත්කුඩු ජාවාරමට සම්බන්ධව පැහැර ගන්නා මොහොත වන විට රටේ අංක එකේ මතුකුඩු රජා වූ පෑලියගොඩ කුඩු මර්වින්ය. ඒ වන විට ඔහු මත්කුඩු ජාවාරමෙන් උපයාගත් මුදලින් ප්රකෝටිපතියෙකුද වී සිටියේය.
මේ මර්වින්ගේ පැටිකිරිය කුමක්ද? තරුණ කාලයේ මර්වින් හැදී වැඩුණේ කැලණිය පට්ටිය හන්දිය ප්‍රදේශයේ විය. බවර් කොම්පැණියේ මුට්ට කරගසමින් කලක් ජීවිකාව කරගෙන ගිය හේ පසුව පිටකොටුවේ නාටාමිවරයකු ලෙසද කටයුතු කෙරුවෙකු බව පොලිස් පොත්වල සටහන්ව තිබෙන්නකි.
එසේ නාටාමිවරයකු ලෙස කටයුතු කරන අතරේ මීට වසර ගණනාවකට පෙර දෙමටගොඩ ප්‍රදේශයේ කුඩු රජෙකුව සිටි "ලොක්කා" සමග සෙට් වූ මර්වින් මත්කුඩු ජාවාරමේ අත්පොත් තැබීය.
හේ මුලින්ම මත්කුඩු තොගයක් සමග පොලිසියට කොටු වූයේ එසේ ලොක්කාගේ ගෝලයකු ලෙස සිටියදී විය. එහිදී ඔහු මත්කුඩු ග්‍රෑම් නවසිය පනහක් සමග අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලම්පිටිය පොලිසිය මගිනි.
එහෙත් එසේ පොලිසියට කොටු වුවද එදා මර්වින් ගමන නොනැවැත්වීය. හේ දිගටම ජාවාරම කරගෙන යන්නට විය. උපතින් ද්‍රවිඩ සම්භවයක් තිබුණෙකු වූ මර්වින් පසු කලෙක එල්ටීටීය බලවත්ව සිටියදී කොටින් හා එක්වද කුඩු ජාවාරම කරගෙන ගියෙකු විය.
හේ මුල්වරට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එසේ කුඩු ජාවාරමේ පෙරට එමින් සිටියදී වූවේය. එහිදී මර්වින් සන්තකයේ තිබී පොලිසියට හසුවූ මත් කුඩු තොගය කිලෝ ග්‍රෑම් දහතුනක් විය.
එහෙත් මෙහිදීත් මර්වින්ගේ කුඩු ජාවාරම නතර කිරීමට පොලිසියට නොහැකි විය. හේ දිගටම එය කරගෙන ගියේය.
ජාවාරමේදී මර්වින් කේන්ද්‍රස්ථාන කරගනු ලැබුවේ පෑලියගොඩ සහ දෙමටගොඩ ප්‍රදේශ විය. එහිදී ගෝලබාලයන් පිරිසක්ද ගොඩනගා ගනිමින් ඔහු ජයටම කුඩු ජාවාරම කරගෙන ගියේය. මෙසේ ජාවාරම කරගෙන යෙහෙන් වැජඹෙද්දී මීට වසර කිහිපයකට පෙර වරක් නාඳුනන සන්නද්ධ කල්ලියක් විසින් මර්වින් පැහැරගෙන ගියේය. එහිදී පැහැරගත් කලිලිය මර්වින්ගේ ජීවිතයට රුපියල් මිලියන දහයක ලන්සුවක් තබා කප්පමක් ලෙස එය ඉල්ලා සිටියේය.
ගතවූයේ දින කිහිපයකි. කිසිදු අපහසුවකින් තොරව කප්පම ගෙවා දැමූ මර්වින් යළි පෑලිගොඩට පැමිණියේය. එතැන් පටන් කළාටත් වඩා යහතින් හේ කුඩු ජාවාරම කරගෙන යන්නට වූවේය.
මේ සියල්ල අද පොලිස් බුද්ධි අංශ වාර්තාවන්හි සටහන්ව තිබෙන දේම වන්නේය. මේ කාලය වන විට හේ කුඩු ජාවාරමෙන් උපයාගෙන තිබූ ධනස්කන්ධය සුවිශාල එකක් වූ බවද පැහැදිලිව හෙළිදරව් වී තිබුණකි.
මොහු මත්කුඩු ජාවාරමේ මෙරට සිටින අංක එකේ චරිතය ලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොත්වල සටහන් වන්නේ එසේ සිටියදීය. කලක සිට එල්ටීටීඊයේ සමග එක්ව කුඩු ජාවාරම කරගෙන ගිය මර්වින් එල්ටීටීඊය වැනසී යැම සිදු වූ කාලය වන විට කෙලින්ම ඉන්දියාවේ සිට මත්කුඩු මෙරටට ආනයනය කරන තැන දක්වා මහා පරිමාණ ජාවාරම්කරුවෙකුව සිටිය බවද වාර්තා වන්නකි.
එහිදී එකවර මත්කුඩු කිලෝ 75-100 අතර ප්‍රමාණයක් බෝට්ටු මගින් මෙරටට ගෙන්වූ මර්වින් මෙරට සිටින අනෙකුත් කුඩු ජාවාරමුන්ට තොගයට කුඩු බෙදා හරින ලද ප්‍රධාන ජාවාරම්කරුවා ලෙසින්ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් හඳුනාගෙන සිටියෙකි. ඉකුත් දා මේ මර්වින් පෙරකී අයුරින් කිසියම් කල්ලියක් විසින් පැහැරගෙන යනු ලබන්නේ එසේ සිටියදීය. එය මර්වින්ගේ අවසාන ගමනද විය හැකිය.
අද මෙරට ක්‍රියාත්මක "තෙවැනි ඇසකින්" පාදඩයන්ට පිළිතුරු ලැබෙමින් තිබෙනුයේ එසේය.



