කතකගේ රන් මාලයක් කොල්ල කෑ කොස්තාපල්ට සිර දඬුවම්
කාන්තාවකගේ රන් මාලයක් කොල්ල කෑමේ චෝදනාවට වරදකරු කෙරුණු කොම්පඤ්ඤවීදිය පොලිසියේ කොස්තාපල්වරයෙකුට කොළඹ මහේස්ත්රාත් අධිකරණය වසර 02 ක බරපතල සිර දඬුවම් නියම කර තිබේ.
කුරුඳුවත්ත පොලිසිය මගින් මෙම නඩුව පවරා තිබිණි.
පසුගිය වසරේ අගෝස්තු මස 16 වන දින මෙම සැකකරු කොළඹ ජාතික රෝහලේ රෝගියකු බැලීම සඳහා යමින් සිටි කාන්තාවකගේ රුපියල් 90, 000 ක් වටිනා රන් මාලයක් කොල්ල කෑ බව පොලිසිය අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබිණි.
මේ පිළිබඳව අධිකරණය හමුවෙහි දීර්ඝ නඩු විභාගයක් පවත්වනු ලැබිණි.
සැකකරුට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව දෙමින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් රශ්මි සිංගප්පුලි මහතා කියා සිටියේය.
ඒ අනුව සැකකරුට වසර 02 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරන බව ද විනිසුරුවරයා සඳහන් කළේය.



