කෑමවලට ලුණු වැඩි යැයි මෙරට සේවිකාවගේ නහය කඩලා
කුවේට් හි ගෘහ සේවිකාවක ලෙස සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් නාසය බිඳීමට ලක්වීම නිසා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ආහාර පිළියෙළ කිරීමේ දී ඊට අධික ලෙස ලුණු එක්කිරීම නිසා ඇය සේවය කළ නිවෙස් හිමිකාරිණිය විසින් දැඩි ලෙස පහරදීම නිසා මෙසේ මෙම ශ්‍රී ලාංකික කාන්තාවගේ නාසය බිඳී ඇති බව වාර්තා වේ.
පසුව තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා කුවේට් රෝහලක් වෙත ඇතුළු කර ඇති බව අරාබි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
සිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව ආහාර පිළියෙළ කිරීමේ දී අවශ්‍ය ප්‍රමාණයට වඩා ලුණු එක්කිරීමෙන් දැඩි ලෙස කෝපයට පත් 40 හැවිරිදි කුවේට් ජාතික කාන්තාව මෙසේ ඇයට දැඩි ලෙස පහර දී ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.



