මුදල් සොරාගැනීමක් - රුමේනියානුවන් දෙදෙනෙකු පිටුවහල් කරයි
ව්‍යාජ ක්‍රෙඩිට් පත් යොදාගනිමින් කොළඹ ප්‍රදේශයේ බැංකුවකින් මුදල් සොරාගැනීමක් සම්බන්ධයෙන් වරද පිළිගත් රුමේනියානු ජාතිකයින් දෙදෙනෙකු රටින් පිටුවහල් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
සැකකරුවන් දෙදෙනා පසුගිය වසරේ පෙබරවාරි මස අත්අඩංගුවට ගෙන තිබූ අතර අදාළ චෝදනා සම්බන්ධයෙන් ඔවුන් අද(27) දිනයේ වරද පිළිගත්තේය.
ඒ අනුව මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය සැකකරුවන්ට රුපියල් 80,000 බැගින් දඩ නියම කළ අතර අවුරුදු 5 ට අත්හිටවූ අවුරුද්දක සිරදඩුවමක් ද නියම කර තිබේ.
ඊට අමතරව බැංකුවේ ටෙලර් යන්ත්‍රයෙන් ලබාගත් රුපියල් 165,000 ක මුදල ද ගෙවීමට නියෝග කර ඇත.
රටින් පිටුවහල් කෙරෙන සැකකරුවන් දෙදෙනාට යළි මෙරටට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙස ද විනිසුරුවරිය ආගමන විගමන පාලකවරයාට ද නියෝග කර තිබේ.



