අතක් නැතිව පාසල් වෑන්රිය පැදවූ රියදුරුට ලක්ෂයක ඇප
පාසල් වෑන් රථයක් දෙහිවලදී අනතුරට ලක්වීමෙන් පසු වෑන් රථවල රියදුරන් ගැන පොලිසියේ අවධානය දැන් වැඩි වෙලා.
කුරුඳුවත්ත පොලිසිය ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ 62 හැවිරිදි රියදුරා ආබාධිතයෙක්.ඔහුගේ දකුණු අත කපා ඉවත්කර තිබියදී වසර 19ක් තිස්සේ තනි අතින් පාසල් වෑන් රියක් පදවා සිය ජීවිකාව කරගෙන ගොස් තිබුණා. රියදුරු බලපත්රයක් වලංගුභාවයට මූලික සුදුසුකමක් උල්ලංඝනය කරගෙනම ඔහු රහසේම වෑන් පැදවීම කරගෙන ගොස් තිබුණා.
පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ කොටුගොඩ පදිංචි බර්නාඩ් විෙජ්සිරි නමැති මේ රියදුරා පවසන්නේ තමා එක් අතක් අහිමිව වසර 19 ක් තිස්සේ තනි අතින් පාසල් වෑන්රිය පදවන නමුත් මේ වනතුරුත් කිසිම අනතුරක් සිදුවී නැති බවකි.
සවුදිඅරාබියේ තමා සේවය කරද්දී මැෂිමක පංකාවක තටුවකට තමාගේ අත අසුවී මෙම අනතුර සිදුවූ බවද සවුදිඅරාබි ගිය දවසේ සිට තමාට රියදුරු බලපත්ර තිබූ බවද ඔහු පවසනවා. කතරගම නුවරඑළිය වැනි ගමන් පවා වෑන්රිය පදවාගෙන ගිය තමා අතින් කිසිම අනතුරක් සිදුව නැති බවද ඔහු පවසා තිඛෙනවා.
ඔහු පැදවූ වෑන් රියේ පාසල් සිසුන්ගේ දෙමාපියන් මේ කාරණය දන්නා බවත් ඔවුන් දැඩි විශ්වාසයක් තබා මෙහි තම දරුවන් එවන නමුත් කිසිම කරදරයක්වී නැති බවත් ඔහු පවසනවා.
මෙම රියදුරා සම්බන්ධ ශෝචනීය කාරණය වන්නේ ඔහුගේ පුත්රයාද අනතුරකින් පාදයක් අහිමිවූවකු වීමයි.ඒ නිසා ඔවුනගේ එකම ජීවිකාව වී ඇත්තේ මේ පාසල් වෑන් පැදවීමය.
කොළඹ මල්පාරේ ගමන් කරමින් සිටියදී මේ වෑන් රියදුරු කොටු කරගත් පොලිසිය ඔහුව අධිකරණයට ඉදිරිපත් කළා. අලූත් කඩේ උසාවියේදී මෙය විභාගයට ගත් විනිසුරු රියදුරා වාහනය අනතුරකින් තොරව පැදවීම ගැන ප්රශංසා කළ අතර පවතින නීතිය අනුව මෙසේ වාහන පැදවිය නොහැකි නිසා බලපත්රය අහෝසි කරන බවත් ලක්ෂයක ශරීර ඇප ලබා දෙන බවත් ප්රකාශ කළා.



