Hot News

ව්‍යවස්‌ථා මර උගුල පරාජය කරන්න ජාති ආගම් කුල බේදයකින් තොරව සැවොම එක්වන්න – බොදු බල සේනා

ව්‍යවස්‌ථා මර උගුල පරාජය කරන්න  ජාති ආගම් කුල බේදයකින් තොරව සැවොම එක්වන්න – බොදු බල සේනා

මේ ව්‍යවස්‌ථා මර උගුල පරාජය කිරීම සදහා ජාති ආගම් කුල බේදයකින් තොරව සැවොම එකතුවිය යුතු බව බොදු බල සේනා සංවිධානය පවසනවා. රට කලාප හයකට බෙදන්න වත්මන් ආණ්ඩුව නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ සූදානම් වෙන බව ඊයේ(6) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සදහන් කර සිටියා.

“අපගේ නායකයෝ සංහිඳියාව නමැති කසාය බීලා පිස්‌සු නටනවා. පළාත්වල ආණ්‌ඩුකාරවරයා සතු බලය අහිමිකරන්න උත්සාහ කරනවා. ඡේ. ආර්. මහතාගේ ව්‍යවස්‌ථාවේ තිබූ මහා බර ඉසිලූ සක්‌ක කෑලි ඉවත් කරන්න වත්මන් ආණ්‌ඩුව උත්සාහ කරනවා. හැබැයි මෙම සක්‌ක කෑලි තමයි මහා බරක්‌ උසුලාගෙන තිබෙන්නේ.”
“දරුවන් ගැන හැඟීමක්‌ තියෙන්නේ අම්මා තාත්තලාටනේ. එහෙම නැති උන්ට වඳ පීදුණු නායකයන්ට රටේ අනාගතය තීරණය කරන්න ඉඩ දෙනවා ද කියා සබුද්ධික ජනතාව තීරණය කළ යුතුයි.

මේ මස අග හාමුදුරුවරු තුන්හාරදහසක්‌ කොළඹට කැඳවා ව්‍යවස්‌ථා මර උගුල පරාජය කිරීමේ කාර්යයට මුල පුරන්න අප කටයුතු කරනවා.

ඡේ. ආර්. මහතාගේ ව්‍යවස්‌ථාව තවදුරටත් තිබිය යුතුයි. එසේම විධායක ජනාධිපති ක්‍රමයත් තිබිය යුතුයි. එය තිබුණායි කියලා මොකක්‌ ද තියෙන ප්‍රශ්නය. මේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්න නම්

ඡේ. ආර්. ජනාධිපතිවරයාට වඩා තුන් කල් දකින නායකයකු ඕන කරලා තිබෙනවා. දැන් අපට ඒ සුදුසුකම නැහැ. මේ විධායකය තිබිය යුත්තේ ධර්මය මත පදනම් වූ ඒකාධිපතිවරයකුටයි. හරිනම් මේ බලතල තව තවත් වැඩි වන්න ඕන.

මෙහි යම් යම් වෙනස්‌කම් විය යුතුයි. එය විය යුත්තේ විද්වත් සභාවක අනුමැතිය තුළ සිටයි.”

Share...
  •  
  •  
  •  
  •  
  •  
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!