Hot News

හෝටලයකට ගිය ආදර යුවලක් කාමරය තුලදී ජීවිතයට තිත තබලා

හෝටලයකට ගිය ආදර යුවලක් කාමරය තුලදී ජීවිතයට තිත තබලා

රත්නපුර නගර සීමාවේ නවාතැන් පොළක නවාතැන් ගෙන සිටි යුවළක් ඔවුන් නැවතී සිටි කාමරය තුල වස පානය කර මියගොස් ඇති බව රත්නපුර පොලීසිය පවසයි. එම නවාතැන් පොළේ සේවකයන් විසින් අද (11දා) අලුයම එම යුවළ රත්නපුර මහ රෝහලට ඇතුළු කරනවිත් ඔවුන් දෙදෙනා මියගොස් සිටි බවද පොලීසිය පැවසුවේය.
මියගිය යුවළගෙන් පිරිමි තනැත්තා දෑල නොරගොල්ල ප්‍රදේශයේ පදිංචි විසි හත් හැවිදිරි පුද්ගලයෙකු බවට කාමරයේ තිබූ හැඳුනුම්පතකින් අනාවරණය වූ බවද මියගිය කාන්තාවගේ අනන්‍යතාව හෙළිකර ගැනීමට පරීක්‍ෂණ පවත්වන බවද පොලීසිය පවසයි.
මියගිය දෙදෙනා පෙරේදා (10දා) දහවල් මෙම නවාතැන් පොළට පැමිණ කාමරයක් වෙන්කරගෙන එහි ලැගුම්ගෙන ඇති බව පොලීසිය කරුණු අනාවරණය කරගෙන තිබේ. මියගිය දෙදෙනා ලැගුම්ගත් කාමරය දෙසින් රාත්‍රියේ ශබ්දයක් ඇසී සේවකයන් කතා කළත් දොර විවෘත නොකිරීම නිසා සේවකයන් එහි දොර විවෘත කර බලද්දී මියගිය දෙදෙනා යම් දෙයක් පානය කර වැටී සිටිනු දැක තිබේ. කාමරයෙන් වස ගඳක්ද වහනයවීමෙන් පසු වහාම ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බව ද පොලීසිය පවසයි.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!