Hot News

“හෙට දිනයේ ඇරඹෙන ක්‍රිකට් සැනකෙළිය අස්සේ – මුදල් ලක්ෂ ගණනින් ගිළිමින් ..ක‍්‍රිකට් ලොක්කෝ ඩුබායි සෆාරි අරඹයි …”

“හෙට දිනයේ ඇරඹෙන ක්‍රිකට් සැනකෙළිය අස්සේ –  මුදල් ලක්ෂ ගණනින් ගිළිමින් ..ක‍්‍රිකට් ලොක්කෝ ඩුබායි සෆාරි අරඹයි …”

හෙටින් ඇරඹෙන ශ්‍රී ලංකා පාකිස්ථානු එක්දින හා විස්සයි 20 තරඟාවලිය නැරඹීමට සහ ඊට අදාළ වෙනත් රාජකාරි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ සේවකයන් රැසක්, ක්‍රිකට් ආයතනයේ මුදලින් ඩුබායි නුවර බලා යෑමට සූදානමින් සිටින ක්‍රිකට් ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තාවෙයි.මෙහිදී ඇතැම් නිලධාරීන්ට නොමිලේ දිනකට ඇමෙරිකානු ඩොලර් 350ක් (රු.53,714.51) , ගුවන් ටිකට්පත් සමග නවාතැන් පහසුකම් ක්‍රිකට් ආයතනයෙන් සපයාදී ඇතැයි වාර්තාවන අතර, එක් විධායක කමිටු සාමාජිකයෙක් පමණක් දවස් 20ක් සඳහා ඩොලර් 7000ක් (රු.1,074,890) ලබාදෙන මෙන් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇතත් ක්‍රිකට් ප්‍රධානියෙක් එය ප්‍රතික්ෂේප කරමින් ඔහුට දින 04ක් සඳහා දිනකට ඩොලර් 350 බැගින් ඩොලර් 1400ක (රු.214,858.05) මුදලක් අනුමත කර ඇති බවටද වාර්තා වේ.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!