Hot News

සීලාවතුර උණුසුම්… සෙබළුන් 3 අසාධ්‍යයි… කඳවුරේ දොරටත් ප්‍රහාර… කඳවුරෙන් උඩට වෙඩි… සනීප වෙනසක් අත ලඟම…

සීලාවතුර උණුසුම්… සෙබළුන් 3 අසාධ්‍යයි… කඳවුරේ දොරටත් ප්‍රහාර… කඳවුරෙන් උඩට වෙඩි… සනීප වෙනසක් අත ලඟම…

මන්නාරම් සිලාවතුර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසකට ඊයේ (18දා) රාත්‍රියේ සිලාවතුර අරිප්පු හිදී පිරිසක් පහරදී ඇති බව වාර්තා වේ. සිලාවතුර පොලීසිය පවසන්නේ එයින් තුවාල ලැබූ සෙබළුන් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් මන්නාරම් රෝහලට ඇතුළත් කර ඇති බවයි.
සිලාවතුර මුහුදු තීරයෙන් අරිප්පු ප්‍රදේශයට කේරල ගංජා රැගෙන එන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි නිලධාරීන් කිහිපදෙනෙකු අරිප්පු ප්‍රදේශයට ගොස් රැකවල් යොදා සිටි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් නාවික හමුදා සෙබළුන් තිදෙනෙකුට පහරදී තිබේ.
ප්‍රදේශවාසීන් 300කට ආසන්න පිරිසක් එක්වී සෙබළුන් තිදෙනා අරිප්පු නාවික හමුදා කඳවුර ඉදිරිපිටට පහරදෙමින් රැගෙන ගොස් ඇති අතර සෙබළුන් ගෙවල් මංකොල්ල කෑමට පැමිණි බව පවසමින් ඉතා උණුසුම් අයුරින් කෑගසමින් කඳවුරේ දොරටුවටද පහරදී තිබේ. එම අවස්ථාවේදී තත්ත්වය සමථයකට පත්කිරීම සඳහා නාවික හමුදා කඳවුරෙන් උඩට වෙඩි තබා තිබේ.
වෙඩි තැබීමෙන් අනතුරුව අල්ලාගෙන සිටි නාවික හමුදා සෙබළුන් තිදෙනාගෙන් දෙදෙනෙකු ග්‍රහනයෙන් මිදී පලාගොස් රෝහල් ගතව ඇත.
අනෙක් සෙබළා ප්‍රදේශවාසීන් විසින් අරිප්පු කතෝලික පල්ලිය වෙතට රැගෙන ගොස් තිබෙන අතර එසේ රැගෙන ගිය සෙබළා නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
කෙසේවෙතත් අද (19දා) උදෑසන මන්නාරම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ මැදිහත්වීම මත ඔහුව නිදහස් කරගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිලාවතුර පොලීසිය හා මන්නාරම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!