Hot News

” සිරිසේන හා රනිල්ට සිතාසි..! “

” සිරිසේන හා රනිල්ට සිතාසි..! “

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දෙසැම්බර් මස 04 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ මහාධිකරණය අද (17) යළි සිතාසි නිකුත් කර ඇත.ඒ, ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී ඔවුන්ගේ අත්සන් ව්‍යාජ ලේඛනයකට එක්කර ජාතිවාදිය ඇවිස්සීමට කටයුතු කළ බවට එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහි නඩුව සම්බන්ධයෙන් වේ.අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙන ලෙස මීට පෙර ද ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට සිතාසි නිකුත් කර ඇත.එහෙත් ඔවුන්ගේ රාජකාරි හේතුවෙන් මහාධිකරණයට පැමිණීමට නොහැකි වූ බව නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට අද දන්වා තිබූ බව වර්තා වේ.තිස්ස අත්තනායක හිටපු මහ ලේකම්වරයාට එරෙහි නඩුව දෙසැම්බර් 04 වනදා සිට දෙසැම්බර් 12 දක්වා දිනපතා විභාගයට ගැනීමට ද මෙහිදී නියෝග කෙරුණි.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!