Hot News

“සිංහලයින්ගේ රට කියල කොහෙද ලියලා තියෙන්නේ” ඇසු විජේදාසට මහින්දගෙන් කන පැලෙන උත්තරයක්

“සිංහලයින්ගේ රට කියල කොහෙද ලියලා තියෙන්නේ” ඇසු විජේදාසට මහින්දගෙන් කන පැලෙන උත්තරයක්

“සිංහලයින්ගේ රට කියල කොහෙද ලියලා තියෙන්නේ”
මේ රට සිංහලයින්ගේ කියල ලියල තියෙන්නෛ් කොහෙද කියල විජේදාස රාජපක්‍ෂ අහනකොට මෙරට ඉතිහාසයේ පදාසයක් ම ඔහු ගිල්ලා. මේක උඩට ම අතහැරල තිබුණ දෙමළ මන්ත්‍රිවරයෙක් කියනවා මේ රටේ ආදිවාසීන් ද්‍රවිඩයින් කියල. මම හිතන්නේ මේවා කතා වෙලා කරන දේවල්. අර මාධ්‍යවේදියා ලවා විජේදාසගෙන් ප්‍රශ්නය අස්සවනවා එදා. සිංහලයට හා මේ රටට මෙසේ විය යුතු නැති බවයි අපි හිතන්නේ. සිංහලයා තමන්ගේ තිබෙන සහනශීලිත්වය නිසා මේ රට ‘ශ්‍රී ලංකා’ කියා හැඳින්වීමටත් ‘සිංහලේ’ කොඩියට පටි දෙකක් එකතු කරන්නත් එකඟ වුනාට මෝඩ ඇමතිවරුන් සිතන්න හොඳ නෑ මේ නිවටකම කියල.
විජේදාස අහගන්න. කිසියම් රටක මුල් ජනයා තමයි ඒ රට හැඳින්වීමට භාවිතා කරන්නේ. ඉංග්‍රීසිවරුන්ගේ රට එංගලන්නතය. ජර්මන්වරුන්ගේ ජර්මනිය. ප්‍රංශවරුන්ගේ ප්‍රංශය. ජපනුන්ගේ ජපානය. චීනුන්ගේ චීනය. මැලේ ජාතිකයින්ගේ මැලේසියාව. ඒ අනුව ම සිංහලයින්ගේ සිංහලේ. ඒකේ දෙකක් නෑ. මේ රටේ සිංහලයා සියයට 76ක්.
1815 දී උඩරට ගිවිසුමෙන් රට සුද්දට බාර කරනකොට ඒක තියෙන්නේත් ‘සිංහලේ’ කියල. එතන ‘සිලෝන්’ හරි ‘ශ්‍රී ලංකා’ හරි කියල නැ. ‘සිංහලේ’ ලෙස තමයි මේ රට වසර දහස් ගණනක් හැඳින් වු‍ණේ. ‍’කන්ද’ කියන එක සුද්දා ‘කැන්ඩි’ කිව්වා වගේ ‘සිංහලේ’ කියන එක ‘සිලෝන්’ කිව්වා. ආරාබි ජාතිකයින් ‘සෙරන්ඩිබ්’ කිව්වේ ‘සිංහල දීප’ කියන එක. ඒක රොබර්ට් නොක්ස් පවා පෙන්වා දෙනවා. සෙයිලාන්-දිව සිලන්-ඩිබ් වුණා කියල. පස්වන සියවසේ දී බුද්ධඝෝෂ නම් ද්‍රවිඩ භික්‍ෂු විසින් පාලියට පරිවර්තනය කරන ලදුව පසුව කුමන්ත්‍රණකාරී ලෙස පුළුස්සා දැමූ අටුවා කතා හැඳින්වූයේ ‘හෙළටුවා’ නමින්. මෙන්න එදත් හෙළයාට හා බුදුදහම‍ට එහෙහි කුමන්ත්‍රණය දියත් වූ අයුර ! මහා විහාරයට එවකට අභයගිරියෙන් එල්ල ව තිබූ තර්ජනය ආශ්‍රීත කළබලය නිසා බුද්ධඝෝෂගේ කුමන්ත්‍රණය තේරුම් ගැනීමට නොහැකි වුණා. බුද්ධඝෝෂ විසුද්ධි මග්ගය හරහා පටිච්චසමුත්පාදය පැත්තකට දාල ලංකාව පිං රැස්කරන බුදුදහමක් හඳුන්වා දුන්නා.
දැන් සමහරු කතා කරනවා ඊළමක් ගැන. ඊළම කියන්නෙත් වෙන එකක් නෙවෙයි ‘සිංහලේ’ කියන එක ද්‍රවිඩ ජනයා උසුරුවපු හැටි. මදුරාසි විශ්වවිද්‍යාලයෙන් පළ කරපු දෙමළ ශබ්ද කෝෂයේ ‘ඊළාම්’ යන්න අර්ථ දෙන්නේ ‘සිංහලේ’ හා ‘සිලෝන්’ යනුවෙන්. ඒ කියන්නේ ඊළාම් කියන්නේ සිංහලයින්ගේ රට. ‘ඊළ’ කියන දෙමළ වචනය එන්නේ හෙළ කියන එකෙන්. ‘හෙළ’ තමයි මෙරට මුලසිට හඳුන්වපු නම. ‘ඊළ’ කියන්නේ ‘හෙළ’ නම් ඊලාම් කියන්නේ සිංහල රට. ඊළාම් එන්නේ ඊළන්ඩු කියන වචනයෙන්. මේ අනුව, එල්ටීටිය ඉල්ලුවේ සිංහලයින්ගේ රට.
මේවාට මේ ජාතිවාදය අවුස්සනවා කියල ලේබල් ගහන්න හදන්න එපා. ඉතිහාසය කියවන්න. මේ රටේ ඉතිහාසය මකන්න දෙන්න බෑ. ඔළුවට ඉඳුන් හෝදන්න දෙන්නත් බෑ. බුදුන් වහන්සේ ආලවකයටත් දුන්නේ දෙසැරයයි.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!