Hot News

“ලෝක ලොක්කාගේ ආරක්ෂක ලොක්කාට වැඩ වරදී – FBI එකට බොරු කියලා අතේ මාට්ටු වෙයි”

“ලෝක ලොක්කාගේ ආරක්ෂක ලොක්කාට වැඩ වරදී – FBI එකට බොරු කියලා අතේ මාට්ටු වෙයි”

විශ්‍රාමලත් හමුදා ජනරාල්වරයෙකු වන මයිකල් ෆ්ලින්, ට්‍රම්ප්ගේ ප්‍රබල හිතෛෂියෙකු වශයෙන් සැලකේ. ට්‍රම්ප් විසින් සිය ජාතික ආරක්ෂක උපදේශකවරයා ලෙස පත් කළද, මසකටත් අඩු කාලයකදී ඔහුට ට්‍රප්ම් පරිපාලනය විසින්ම ඉල්ලා අස්වීමට බල කරනු ලැබීය. විදෙස් වාර්තා සඳහන් කළේ ට්‍රම්ප් පරිපාලනය සහ රුසියාව අතර පවතින රහස් සබඳතා හෙළිදරව් වීම වළක්වා ගනු පිණිස ඔහුට එසේ අස් වන්නට බල කරන්නට ඇති බවයි.දින 24ක සේවා කාලය අවසානයේ මයිකල් ෆ්ලින් ඉල්ලා අස් වී තිබුණේ ජනපති ට්‍රම්ප් හට සහ උප ජනාධිපතිවරයාට ලිපියක් ලියමිනි. එහි “රුසියානු තානාපතිවරයා සමග පැවැත්වූ කතා බහ පිළිබඳ අසම්පූර්ණ තොරතුරු ලබාදිීම වෙනුවෙන්” ඔහු සමාව ඉල්ලා සිටියේය.නමුත් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සහ රුසියානු පළහිලව්ව අතර ඇති සබඳතාවය පිළිබඳ විමර්ශනය සඳහා පත් කළ රොබට් මුලර්ගේ ‘මුලර් විමර්ශනයෙන්’ මයිකල් ෆ්ලින් හට ගැළවීමක් ලැබුණේ නැත. ඔවුන් දිගින් දිගටම මයිකල් ෆ්ලින්ව ප්‍රශ්න කළ අතර, අවසානයේ මයිකල් ෆ්ලින් සහ මොස්කව් නුවර අතර සිදුවූ සන්නිවේදන පිළිබඳ දුරකථන මාර්ග ටැප් කිරීම FBI විසින් සිදුකෙරිණි. ඒවායින් හෙළිදරව් වන තොරතුරු, මයිකල් ෆ්ලින්ගේ ප්‍රකාශ සමග පරස්පර බව සනාථ වී ඇත්තේ ඒ අනුව ය.දැනට හෙළි වී ඇති තොරතුරු අනුව ලබන සිකුරාදා නඩුවේදී ඔහු විසින් වරද පිළිගැනීමට පවා බොහෝ දුරට ඉඩ කඩ තිබේ.58 හැවිරිදි මයිකල් ෆ්ලින්, ෆ්ලින් ඉන්ටෙල් ගෲප් නමින් ව්‍යාපාරයක් ද පවත්වාගෙන යයි. ඔහු එහි උපදේශකයෙකු වශයෙන් ද කටයුතු කරයි. පසුගියදා හෙළිවූයේ ෆ්ලින්ගේ මෙම සමාගම තුර්කි රජය වෙනුවෙන් නෙදර්ලන්ත සමාගමකින් ඩොලර් 530,000 ක් ද ලබාගෙන ඇති බව ය.ඇමරිකානු හමුදා බුද්ධි අංශයේ ඉහළ නිලයක් හෙබවූ මයිකල් ෆ්ලින්, ලුතිනන් ජනරාල් තනතුරේ සිටියදී 2014 වසරේ සේවයෙන් ඉවත් කළේ ඇමරිකානු ජනපති බරාක් ඔබාමා විසින් වීම ද මෙහිදී කැපී පෙනෙයි. ඒ, හමුදා ප්‍රධානීන්ට සිය රාජකාරි කටයුතුවලට බාධා කිරීමේ හේතුව මත ය. පසුව ඔහු විදෙස් රටවල් සමග ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර ඔහු වැඩි වශයෙන්ම ව්‍යාපාර සබඳතා පවත්වා තිබෙන්නේ ද තුර්කිය සහ රුසියාව සමග ය.ඇමරිකානු බුද්ධි අංශ වාර්තාවල RT යනුවෙන් හඳුන්වන ක්‍රෙම්ලිනයේ ප්‍රධාන ප්‍රොපගැන්ඩා යාන්ත්‍රණයෙන් ද ඔහු විශාල මුදල් සම්භාරයක් ලබාගෙන ඇති බවට තොරතුරු තිබේ. RT, රුසියාවේ ප්‍රධාන ඔත්තු සේවය වන FSB සමග සමීපව කටයුතු කරන බව ද හෙළි වී ඇත.පසුගිය දෙසැම්බරයේදී මයිකල් ෆ්ලින්, ට්‍රම්ප්ගේ ඥාති පුත්‍රයා වන ජෙරාඩ් කුෂ්නර් සමග රුසියානු තානාපති සර්ජි කිස්ලියැක් සමග රහස් සාකච්ඡාවක යෙදුණේ ට්‍රම්ප් ටවර් හිදී ය.

Share...
  •  
  •  
  •  
  •  
  •  
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!