Hot News

රවිරාජ් නඩරාජා කොටියාගේ වැන්දඹුවගෙන් ඇපෑල් පෙත්සමක්‌

රවිරාජ් නඩරාජා කොටියාගේ වැන්දඹුවගෙන් ඇපෑල් පෙත්සමක්‌

යාපනය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාඡ් මහතා සහ ආරක්‍ෂක නිලධාරියා ඝාතනය කිරීමේ නඩුවේ විත්තිකරුවන් 06 දෙනාම සියලුම චෝදනාවලින් නිදොස්‌ කොට නිදහස්‌ කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඔහුගේ බිරිඳ වන සිවකලා රවිරාඡ් ඊයේ (10 දා) අභියාචනාධිකරණයට ඇපෑල් පෙත්සමක්‌ ගොනු කළාය.
කොළඹ මහාධිකරණ ඉකුත් දෙසැම්බර් 24 දා දුන් එම නඩු තීන්දුව ඉවත් කර විත්තිකරුවන්ට එරෙහිව එල්ල වී තිබූ සියලුම චෝදනාවලට වැරදිකරුවන් කරන ලෙස ඇය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩු විභාගය පැවැත් වූයේ විශේෂ ජූරි සභාවක්‌ හමුවේ විත්තිකරුවන් විසින් කරන ලැබූ ඉල්ලීමකට අනුවය.
එම ඉල්ලීමට ඉඩ දීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ගත් තීරණය ඉවත් කරන ලෙසත් ජූරි සභාවක්‌ නැතිව මහාධිකරණ විනිසුරුවකු හමුවේ නඩු විභාගය මුල සිට නැවත පැවැත්වීමට නියෝග කරන ලෙසත් ඇය අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.
රවිරාඡ් මහත්මිය සිය ඇපැල් පෙත්සමෙන් කියා සිටින්නේ කොළඹ මහාධිකරණය හමුවේ පැවති නඩු විභාගයේදී පැමිණිල්ලෙන් ඉදිරිපත් වූ සාක්‍ෂිවලට අනුව විත්තිකරුවන් 06 දෙනාම චෝදනාවලට වැරදිකරුවන් කිරීමට ප්‍රමාණවත් වන බවයි.

Share...
  •  
  •  
  •  
  •  
  •  
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!