යාපනය පුරා හමුදාවට විරුද්ධව පෝස්ටර් ගසා සිවාජිලිංගම් ජිනීවා යයි .

යාපනය පුරා හමුදාවට විරුද්ධව පෝස්ටර් ගසා සිවාජිලිංගම් ජිනීවා යයි .

එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලය යුධ අපරාධකරුවන් ආරක්ෂා කරන බව පවසමින් , E.P.R.L.F පක්ෂයේ නමින් යාපනය දිස්ත්රිඅක්කයේ ස්ථාන කිහිපයකම පෝස්ටර් අලවා තිබෙනවා.
යාපනය ,කොණ්ඩාවිල් ,උරුම්පිරායි ,ඌරලි යන ප්රාදේශවලයි මේ ආකාරයට පෝස්ටර් අලවා තිබෙනවා.

යුද්ධයෙන් මිය ගිය කාන්තාවකගේ සහ දරුවෙකුගේ ඡායාරූප යොදා ගනිමින් , පෝස්ටයර් සකස් කර ගෙන තිබෙනවා.යුධ අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ කාර්යාලය මෙරටට තවත් වසර දෙකක් ලබා දීම , තම පක්ෂය විරුද්ධ බව , E.P.R.L.F පක්ෂයේ නායක සූරේෂ් ප්රේසමචන්ද්රන පවසා ඇත.
මේ අතර ඉන්දියාවේ චෙන්නායිහි ශ්රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය වැටලීමට උත්සාහ දැරූ තමිල්නාඩු එම්.ඩී.එම්.කේ.පක්ෂ මහලේකම් වයිකෝ ඇතුළු පිරිසක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ඉන්දියාවේ ඩෙකෑන් ක්රොසනිකල් වෙබ් අඩවිය වාර්තා කරනවා .
චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත ව සිටියදී කලහකාරී ලෙස හැසිරුණු මෙම පිරිස එම කාර්යාලයට කඩා වැදීම උත්සාහ කර ඇති අතර එහිදී මොවුන් අත්අඩංගුවට පත්ව තිබේ .
ශ්‍රී ලංකාවේ සිදුව ඇති බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා තවත් කාලය ලබාදිය යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්ව ඇති යෝජනාවට විරෝධය පළ කරමින් මොවුන් උද්ඝෝෂණයේ නිරත වී ඇති බවද එම වෙබ් අඩවි වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.මෙම නව යෝජනාව හරහා දෙමළ ජනතාවට අසාධාරණයක් සිදුවන බව පවසන වයිකෝ පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ඉන්දීය රජය අදාළ යෝජනාවට එරෙහිව බලපෑම් කළ යුතු බවයි .
මේ අතර උතුරු පළාත් සභා මන්ත්රි් එම් .කේ සිවාජලිංගම් ඇතුළු පිරිසක් අද (20) ජිනීවා බලා පිටත්ව යනවා . ගිය ආණ්ඩුව කටයුතු කල ආකාරයටම මේ ආණ්ඩුවත් දෙමළ ජනතාව රවටමින් සිටින බවත් , තමන්ගේ ඉල්ලීම් ජාත්යින්තරයට රැගෙන ගොස් දිනා ගන්නා බව ඔහු සදහන් කළා .රට තුළ ෆෙඩරල් රාජ්යයක් ඇති කල යුතු බවත් ,යුධ අපරාධ විමර්ශනයට වසර දෙකක කාලයක් ලබා දීමට එරෙහිව එහිදී සිවාජලිංගම් කරුණු දැක්වීමට සූදානම් වන බව වාර්තා වේ .

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!