Hot News

“මදින්නාගොඩ මොහොමඩ් සමීර් සුහයීර් අරණායක මෝරාගම්මන ශ්‍රී මයුරපාද රජමහා විහාරයේදි සසුන් බිමට”

“මදින්නාගොඩ මොහොමඩ් සමීර් සුහයීර් අරණායක මෝරාගම්මන ශ්‍රී මයුරපාද රජමහා විහාරයේදි සසුන් බිමට”

බුදුදහම සිංහලයන්ට පමණක්‌ සීමා උරුම කම් ඇති ආගමක්‌ බවට අද අපේ රටේ බොහෝ දෙනකු තුළ මුල් බැසගෙන තිබෙන මතවාදය මිත්‍යාවක්‌ බවට පත්කරණ අපූර්ව දුර්ලභ ගනයේ සිදුවීමක්‌ පිළිබඳව පසුගිය දිනක සාමසර කන්ද පාමුල පිහිටි අරණායක මෝරාගම්මන ශ්‍රී මයුරපාද රජමහා විහාරයේදි අපට සියෑසින් දැකබලා ගන්නට ලැබුණි.එම සිදුවීම නම් මුස්‌ලිම් ජාතික දරුවකු සම්බුද්ධ ශාසනය වැළඳගෙන පැවැදි දිවියට එළබීමේ මහා පුණ්‍ය ක්‍රියාවයි. ප්‍රදේශයේ බෞද්ධ සැදැහැවතුන්ගේ සාදුකාර හඬ මධ්‍යයේ මෙසේ සසුන්ගත වූයේ රාජගිරියේ රාජගිරිය මදින්නාගොඩ පදිංචිව සිටි මොහොමඩ් සමීර් සුහයීර් නැමැති අවුරුදු 10 ක්‌ වයසැති ඉස්‌ලාම් ජාතික දරුවෙකි. අරණායක මෝරාගම්මන ශ්‍රී මයුරපාද රජමහා විහාරයේදී රාජගිරියේ චන්දකිත්ති නමින් සසුන් ගත වූහ.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!