“මගේ අම්ම නංගි මල්ලි සතුටෙන් ඉන්නේ රු 3000ට මගේ ඇඟ විකුණුන නිසා” – යුවතියකගේ සංවේදී ජීවිත කතාව

“මගේ අම්ම නංගි මල්ලි සතුටෙන් ඉන්නේ රු 3000ට මගේ ඇඟ විකුණුන නිසා” – යුවතියකගේ සංවේදී ජීවිත කතාව

මගේ යාළුවා එක්ක මම දැකපු විදපු සුන්දර ලෝකය අද මට හිමි නෑ….ලස්සනට ජීවත් වෙන මගේ හීනේ හැන්දෑවක බෝඩිමේ අක්කා විනාශ කරලා දැම්මා.
අම්මයි අක්කයි ලස්සනට ඉන්නේ නංගියි, මල්ලියි ඉස්කෝලේ යන්නේ මම මෙහෙ 3000ට විකිණෙන නිසා…
තරුණියන් ස්භාවයෙන්ම බොහෝ ලද බොළඳය. විශේෂයෙන් ඈත පිටිසර ගම්මානවලින් කොළඹට පැමිණෙන බොහෝ තරුණියන් කොළඹ කාක්කන්ට හසුනොවී බේරෙන්නේ කලාතුරකිනි.
අසීරු කටුක අඟහිඟකම් මැද ගෙවන ජීවිතය නිසා සමහරුන් වැරදි පාරවල්වල ගමන් කරයි.
මේ තම පවුල ජීවත් කරවීමේ අරමුණින් සිදාදියට පැමිණ ජිවිතය විනාශ කරගත් සොදුරු යුවතියකගේ සංවේදී ජීවිත කතාවකි.
සදමාලි පෙනුමින් සිත්ගන්නා සුළුය. ගමෙන් නගරයට පැමිණි ඇයට අවශ්‍ය වූයේ තමන්ටය කියා රැකියාවක් කරන්නටය. සුව පහසු ජීවතියක් ගතකිරිමටය. මේ සිහිනයේ ජීවත්වන ඇයට අතහිත දෙමින් ඇයව කොළඹට කැන්දාගෙන ආවේ ඇගේ යෙහෙළියකි.
එයා මගේ ඉස්කෝලේ යාලුවෙක් උනාට ඉස්කෝලෙන් පස්සේ ගමෙන් ගිය යාළුවා අවුරුදු දෙකකට පස්සේ තමයි ගමට ආවේ.
අපේ පවුලට මුලින් නම් අගහිඟකම් තිබුණේ නැහැ. ඒත් තාත්තා හදිසියේ මැරුණට පස්සේ අම්මට නංගිටයි, මටයි, මල්ලිටයි උගන්වන්න තරම් වත්කමක් තිබුනේ නැහැ.
අපිට තිබුණේ ඉන්න ගේ විතරයි. අපේ තාත්තා කුලී වැඩ කළේ.
තාත්තගේ මරණයෙන් පස්සේ අම්මා ගඩොල් කපන තැන්වල වැඩට ගියා. එත් සැලකියයුතු තරම් ආදායමක් ලැබුනේ නෑ අපිට.
මේ කාලේ වෙනකොට මම සාමාන්‍ය පෙළ ලියලා හිටියේ. මට වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.
අපිට ඒ තරම් ප්‍රශ්න තිබුණා. අපි උදේට කැවොත් දවල්ට කන්නේ කොහොමද කියලා හිතාගන්න බැරිව හිටියේ.
ඒ නිසාමයි මගේ යාළුවා මට කොළඹ යන්න කතා කළාම මං අම්ම කැමැත්ත දෙනතුරුවත් නොඉඳ ගමනට කැමති වුණේ.
මම ගමෙන් එනකොට මට වයස අවුරුදු දහ හතයි. මං ඊට ඉස්සෙල්ලා කවදාවත් ගමින් පිට ඇවිත් තිබුණේ නැහැ.
යාළුවා මට පෙන්නපු ලෝකේ හරි සුන්දරයි. එයා මාව ගෙනාවේ එයාගේ බෝඩිමේ ඇන්ටි ළඟට. ඒ නෝනත් හරි හොඳයි.
මං ආව දවසේ එයා මගෙ දිහා බලලා හුඟක් සතුටු වුණා.
මං දැනගෙන හිටියේ නැහැ මං කරන්න ආව රස්සාව මොකක්ද කියලා.
මගේ යාළුවා කිව්වේ ඒක සැලුන් එකක් කියලා. ගමෙන් ඇඳගෙන ආව චීත්ත ගවුම වෙනුවට එයාලා මට අලුත් මෝස්තරවල ඇඳුම්, සෙන්ට් පවුඩර් ලැබුණා.
මං හිතුවා මේක තමයි කොළඹ ජීවිතේ කියලා. මටම කියලා වෙනම කාමරයක් ලැබුණා.
ඒත් එක දවසක් හැන්දෑවේ බෝඩිමේ ඇන්ටි මගෙ කාමරයට මිනිහෙක් ගෙනල්ලා දාලා ගියාට පස්සේ මට මේ මොකක්ද වුණේ කියලා අදහා ගන්න බැරි වුණා.
බයවුණු මම මං කාමරයෙන් පැනලා යන්න බැලුවා. ඒත් කාමරය අගුලු දාලා තිබුණේ. මම අඩ අඩ කාමරේ දොරට ගගහ ඇඩුවා මාව බේරගන්න කියලා. එත් අන්තිමට ඒ මිනිහට අවනත වෙනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.
මුසල විදියට ඒ රෑ ගෙවිලා ගියා. එදා රෑ මාව විනාශ උනා. පහුවදා උදේ ඇන්ටි මගේ අතට රුපියල් තුන්දාහක් දුන්නා. එච්චර මුදලක් මගෙ අතට ලැබුණෙ පළවෙනි වතාවට.
ඒකෙන් මොනවද කරන්නේ කියලා මට හිතාගන්න බැරි වුණා. ඒත් මං මගෙ මුළු ජීවිතේම රුපියල් තුන්දාහකට වික්කා කියලා හිතෙනකොට මට වහ කන්න හිතෙනවා.
මට වහ කන්න බැහැ. ගමේ ඉන්න අම්මවයි පොඩි එවුන්වයි බලන්න කෙනෙක් නැති නිසා.
ඊට පස්සේ හැම රැයක්ම ගෙවිලා ගියේ කවුරු හරි නන්නාඳුනන මිනිහෙක් එක්ක.
මේ විදියට ඉන්න සමහර දවස්වලට පොලිසියෙන් පැන්නා. අපිව අල්ලලා උසාවි දැම්මා. ඒත් පහුවදා උදේට ඇන්ටි අපිව ඇප තියලා බේරගන්නවා.
මං මීට කලින් කිහිප වතාවක්ම මෙහෙ ඇවිත් ගිහින් තියෙනවා. මේ ජීවිතෙන් මිදෙන්න කියලා හිරගෙදර දී අපට හිතවත් අය කිව්වත් සල්ලි නැතුව මං කොහොමද ගමට යන්නේ. මම අසරණයි.
අම්මා හිතාගෙන ඉන්නේ මම සැලුන් එකක වැඩ කියලා. නංගි, මල්ලි ඉස්කෝලේ යනවා. ඒ මං මෙහෙ විකිණෙන නිසා.
මේ රස්සාවෙන් අත්මිදුණොත් මං කොහොමද ගෙදර අයව බලන්නේ…? කව්ද මට උදවු කරන්නේ?සමාජයෙන් ඇය අසන ප්‍රශ්නය එයයි.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!