Hot News

“බිද වැටුණු ශ‍්‍රී ලංකා ඉනිම රංගන තනි අතින් ගොඩගනියි….සිංහයින්ගේ ඉණිම නිමයි”

“බිද වැටුණු ශ‍්‍රී ලංකා ඉනිම රංගන තනි අතින් ගොඩගනියි….සිංහයින්ගේ ඉණිම නිමයි”

ඉන්දියානු කණ්ඩායම එරෙහිව ඊඩ්න් ගාඩ්න් පිටියේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉණිම සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම සියල්ලන්ම දැවී ලකුණු 294ක් ලබා සිටියේය.ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉන්දියානු පළමු ඉනිමට වඩා ලකුණු 122ක් ඉදිරියෙන් සිටියි.අද දිනයේදී ශ‍්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුනු 35ක් එක්වෙද්දී ඉතා හොදින් පන්දුවට පහරදෙමින් සිටි දික්වැල්ල හතරේ පහර 05ක් සමගින් ලකුනු 35ක් ලබා සිටියදී මොහාමඩ් ශාමී එවු පන්දුවකට විරාත් කෝලි අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියහ.ඉන් අනතුරුව ලකුණු පුවුරුවට එක් ලකුණක් එක්වෙද්දී තුන්ඉරියව් ක‍්‍රිඩක දසුන් ශානක බුවනේෂ්වර් කුමාර් එවු පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු නොලබා දැවී ගිය අතර දිනේෂ් චන්දිමාල් ශාමි එවු පන්දුවකට කඩුලු රකින ක‍්‍රීඩක රිද්දිමාන් සාහා අතට උඩපන්දුයක් ලබා දෙමින් ලකුණු 28ක් ලබා සිටියදී දැවී ගියහ.පන්දු 10කදී කඩුලු 03ක් බිද වැටී අසරණ වුණු ශ‍්‍රී ලංකා ඉනිම යළි සවිමත් කළ ඩිල්රුවන් පෙරේරා හා රංගන හේරත් අටවැනි කඩුල්ල සදහා ලකුණු 43ක විශිෂ්ට සම්බන්ධතාවක් පැවැත්විමට සමත්වුහ.ඩිල්රුවන් ශාමී එවු පන්දුවකට අතට උඩපන්දුවක් ලබා දෙමින් ලකුණු 05කට දැවී ගියහ.එක් අන්තයක කඩුලු බිද වැටෙද්දී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටින රංගන හේරත් හතරේ පහර 06ක් සමගින් ලකුණු 67ක්ද සුරංග ලක්මාල් ලකුනු 16ක්ද ලබා ගත්හ .

🇱🇰️🇮🇳️🎥පලමුව page එකේ නම ටච් කර විට ලැබෙන like බටනය click කරන්න.එවිට live දුන් සැණින් ඔබට නැරබිය හැකිය.තව කෙනෙකුට බලන්න share කරන්නද,අමතක නොකරන්න.

Posted by Srilankan Cricket Friends on Saturday, November 18, 2017

Share...
  •  
  •  
  •  
  •  
  •  
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!